=චීන රජය විසින් විදේශ සබඳතා පවත්වාගෙන ගිය උයිගර් මුස්ලිම් ජාතික මහාචාර්යවරයෙකු හට වසර 13ක සිර දඬුවමක් නියමකර තිබේ.
අදාළ මහාචාර්යවරයා ජර්මනියේ විශ්ව විද්‍යාලවල දේශන පවත්වා ඇති අතර ඔහු 2012 වර්ෂයේදී ජර්මනිය වෙත ගොස් ඇති අතර 2018 වර්ෂයේදී යළි චීනයට පැමිණීමේ අනතුරුව අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මහාචාර්යවරයාට කුමක් සිදුවුවේ දැයි සොයා ගැනීමට සැලකිය යුතු කාලයක් ගතව ඇති අතර ඔහු සිරබාරයට ගෙන ඇති බවද චීන බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට දැඩි මැලිකමක් දක්වයි.
අදාල මහාචාර්යවරයා උයිගර් සංස්කෘතිය සම්බන්ධයෙන් විශේසඥයකු වන අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර ඇති අතරම ජර්මනියේදී ඒ පිළිබඳ දේශණ පවත්වා තිබේ.
චීනයේ අධිකරණ බලධාරීන් පවසා ඇත්තේ විදේශ රටවල අධ්‍යාපන කටයුතුවලට ගොස් යළි පැමිණි ජනයා පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන බවත් ඒ අනුව අදාළ මාහාචාර්යවරයා මෙලෙස පුනරුත්ථානය සඳහා යොමු කර ඇති බවය.







