දශක දෙකක පමණ කාලයක් ඇෆ්ගනිස්ථානය තුළ රැඳී සිටි ඇමරිකානු හමුදා එක්වරම එරටින් ඉවත් කළ බයිඩ්න් පරිපාලනය දිගින් දිගටම ඇෆ්ගනිස්ථානය නොතකා හරින තත්ත්වයකට පැමිණ ඇතැයි ඇමරිකානු ව්‍යවසාය ආයතනයේ නේවාසික විශාරද මයිකල් රූබින් ‘ද නැෂනල් ඉන්ටරෙස්ට්’ හි සඳහන් කර තිබේ.
ඇමරිකානු හමුදාව අවුල් සහගත ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීම ධවල මන්දිරය හා කොන්ග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් අමතක කර දමා ඇති වග ඔහු මෙහිදී පවසයි.
ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ ප්‍රතිවිපාක දැනටමත් පෙන්නුම් කරද්දීත් රිප්බ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ ඇෆ්ගනිස්ථානය දේශපාලන පාපන්දුවක් ලෙසට පමණක් සලකමින් සිටින්නේ නම් දෙපිරිසම ඇමරිකාව තුළ අසමත් වේවි…
රූබින් වැඩිදුරටත් පවසා තිබේ.
එරට තුළ වරින් වර සිදුවෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් මිය යෑම සම්බන්දයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කර තිබේ. එක්සත් ජනපද සෙබලුන් ඉවත්ව යෑම තලේබාන් සංවිධානයට එරට තුළ පාලනය තහවුරු කර ගැනීමට ලබා දුන් සංඥාවක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.