බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සිංගප්පූරුවේ අතීතය ගැන කියන අවසන් ගම්මානය!

by editor
මැයි 2, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

බීබීසී –

සිංගප්පූරුවේ නූතන නාගරික ව්‍යාප්තිය මධ්‍යයේ පිහිටා ඇති කම්පොං ලොරොං බුවැංකොක් මෙම නගර රාජ්‍යයේ අවසාන ග්‍රාමීය ගම්මානය යි

ඔබ ඊසානදිග සිංගප්පූරුවේ කාර්යබහුල යෝ චු කන්ග් මාර්ගයෙන් හැරී, මීටර් 300ක් පමණ දිගට දඟර ගැසෙමින් විහිදෙන දිගු ගුරුපාරක් දිගේ ගමන් කළහොත් ඔබ ඉදිරියේ විද්‍යමාන වනු ඇත්තේ අතීතයේ දර්ශනයකි. මෙහි, අක්කර තුනක සශ්‍රීක භූමිභාගයක් මත පිහිටා ඇත්තේ 1960 පමණ අතීතයේ නටබුන් ජීවමානව, හොඳින් සුරැකී ඇති, සිංගප්පූරුවේ ඉතිරිව ඇති අවසන් ගම්මානය වන කම්පොං ලොරොං බුවැංකොක් ය. මෙම ගම්මානය නූතන සිංගප්පූරුවේ පරිපූර්ණ පෙනුමෙන් යුත් ඉතා උස් ගොඩනැගිලිවලින් සැදි පරිදර්ශනයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් උසුලයි. ඒ වෙනුවට එහි පිහිටි අපිළිවෙල බංගලා පොකුර නගරයේ අතීතය විදහා දක්වන පැරණි තැපැල්පතක් වැනි ය.

මැලේ භාෂාවෙන් “ගම” යන අරුත ඇති කම්පොං, නාගරික ව්‍යාප්තියට උදාහරණයක් වන් නගර රාජ්‍යයක ග්‍රාමීය ක්ෂේම භූමියකි. ටකරන් සෙවිලි කළ වහලින් යුත් තනි තට්ටුවේ සාම්ප්‍රදායික ලී නිවාස 25ක් පමණ සුරෞ (කුඩා මුස්ලිම් පල්ලියක්) වටා විසිරී පිහිටා තිබුණි. අතීතයේ සිංගප්පූරුවේ තුරුගොමු සැරසූ අමතක වී ගිය කෙටපැං (කොට්ටම්බා) වැනි ශාක මෙබිම නිදහසේ වැඩෙයි. ඒ ආසන්නයක ඉහළින් දුවන විදුලි රැහැන් දුලබ දසුනක් වන්නේ නගරයේ සෙසු ප්‍රදේශවල රැහැන් බොහෝමයක් භූගතව ඇති බැවිනි. මහලු වියේ පසුවන පදිංචිකරුවෝ ඔවුන්ගේ ඉස්තෝප්පුවල අසුන්ගෙන බලා සිටිති; කූඩුවල දමා සිටින කිකිළියන්ගේ කෙකරය නිමක් නැතිව ඇදී යයි; රැහැයියන්ගේ සාමූහික ඝෝෂාව හා කුකුළන්ගේ හැඬලීම වැනි අතීත යුගයක ශබ්දයෙන් නගරයේ ශබ්ද දූෂණය ගිල්වා දමන අතර සන්සුන්, පිටිසර පසුබිම සංගීතයක් සපයයි.

වර්තමානයේ බොහෝදෙනෙකුට සිංගප්පූරුව ගැන සිතන විට සාමාන්‍යයෙන් මනසට නැඟෙන්නේ පිටිසරබද මොහොතක චිත්‍රයක් නොවේ. බොහෝවිට එය බෝට්ටුවක හැඩැති මරීනා බේ සෑන්ඩ්ස් කුළුණු, අහස සිඹින ගොඩනැගිලි, හෝ අනාගත ලෝකයේ දර්ශනයක් වන් වර්ණවත් ගාඩන්ස් බයි ද බේ උද්‍යානයේ රූපය වනු ඇත. එහෙත්, 1970 ගණන්වල මුල්භාගය වන තෙක් ලොරොං බුවැංකොක් වැනි කම්පොං සිංගප්පූරුව පුරා සෑම තැනකම පැතිර පැවතියේ ය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් ඇස්තමේන්තුගත කරන්නේ කම්පොං 220ක් පමණ දිවයින පුරා විසිරී තිබූබව යි. අද වන විට, අවට දූපත්වල තවමත් මෙයින් කිහිපයක් ඉතිරිව පවතින නමුත් ලොරොං බුවැංකොක් යනු ප්‍රධාන ගොඩබිමේ ඇති අවසාන ගම්මානය යි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාත්‍යන්තර අභිලාෂයන් සහිත තරුණ ජාතියක් වූ සිංගප්පූරුව 1980 ගණන්වල දී සීඝ්‍රයෙන් නාගරීකරණය වූ අතර, කෘෂිකාර්මික ආර්ථිකයක සිට කාර්මික ආර්ථිකයට වේගයෙන් සංක්‍රමණය විය. ජනාකීර්ණ කඩසාප්පු හා ඒ මත පිහිටි නිවෙස් වෙනුවට උස් මහල් නිවාස සහ අහස සූරන මැඳුරු ඉදිවිය. ඊනියා “අධිවේගී මාර්ග යුගය” ඉක්මණින් ඇරඹුණු අතර, එහි කුඩා මාර්ග නගර-රාජ්‍යය හරහා දිවෙන බහු-මංතීරු මහාමාර්ගවලින් ප්‍රතිස්ථාපනය විය. දිවයිනට ඉඩම්කඩම් හිඟ වූ බැවින් මහා නගරයට ඉඩ දීමට ග්‍රාමීය කම්පොංවලට සිදුවිය.

සිංගප්පූරුව 1980 ගණන්වල දී සීඝ්‍රයෙන් නාගරීකරණය වූ අතර, මේ වන විට එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවලින් එකකි

එබැවින් රජයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස සාම්ප්‍රදායික ගම්මාන සියගණනක් ඩෝසර්කර, ස්වදේශික වෘක්ෂලතා ඉවත්කර, ගුරුපාරවල් මට්ටම්කර, ජීවනෝපායන් බිමට සමතලා කරනු ලැබුණි. ගම්වාසීන් – සිය වටිනා දේපල අත්හැරීමට අකමැති වූ පිරිසත්, ෆ්ලෂ් කළ හැකි වැසිකිලි හා නල ජලය වෙනුවෙන් සිය ගම්බද ජීවිතය හුවමාරුකර ගැනීමට උනන්දු වූ පිරිසත් – ඔවුන්ගේ පැරණි නිවාස මත රජය විසින් ඉදිකරණ ලද සහනාධාර මහල් නිවාසවලට ගාල් කෙරුණි. අද සිංගප්පූරු වැසියන්ගෙන් 80%කට වැඩි පිරිසක් මෙම ගොඩනැගිලිවල වෙසෙති.

ලොරොං බුවැංකොක් අනෙකුත් කම්පොංවලට අත්වූ ඉරණමෙන් ගැලවීමට එක් හේතුවක් වූයේ ඒ අවට ප්‍රදේශය සිංගප්පූරුවේ වෙනත් ස්ථානවල මෙන් වාණිජ, කාර්මික, සහ නේවාසික සංවර්ධනය සඳහා යෝග්‍ය නොවීම යි – නමුත් මේ වන විට එය සෙමෙන් වෙනස්ව තිබේ. වරක් වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් පාදාගත් බිම්කඩකින් සහ ගොවිපොළවලින් වටවී තිබූ එය දැන් ගේට්ටු සහිත පුද්ගලික නිවාසවලින් හා තනි තට්ටුවේ නිවෙස්වලට ඉහළින් නැගී සිටින මහල් නිවාස පොකුරකින් සමන්විත වේ.

ගම්මානයේ ඉඩම්හිමි කාන්තාව මුණගැසුණු පසු, ලොරොං බුවැංකොක්හි ගැලවීමට බලපෑ තවත් හේතුවක් අපට පැහැදිලි විය: ඒ, සිංගප්පූරුවේ ඉතිරිව ඇති එකම කම්පොං එක ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානශීලී කැපවීමකින් යුත් මුරණ්ඩු කාන්තාවකි.

සිංගප්පූරුව නිදහස ලැබීමට පෙර සිටම මෙහි වාසයකර ඇති සූන්ග් මුයි හොං, ගමේ ඉඩම්හිමි කාන්තාව යි

දිවියේ 70වන වසරට එළැඹෙමින් සිටින සූන්ග් මුයි හොං ඇගේ මුළු ජීවිතයම පාහේ ගතකර ඇත්තේ මෙගම දී ය. සොයුරු සොයුරියන් සිව්දෙනෙකුගෙන් බාලයා වන ඇය ගමෙහි නැවතුනු එකම එකිය ද වන්නී ය. සාම්ප්‍රදායික චීන බෙහෙත් වෙළෙන්දෙකු වූ ඇගේ දිවංගත පියා, ගම්මානය පිහිටුවනු ලැබූ 1956 වසරේ දීම ඉඩම මිල දී ගෙන තිබුණි. ඒ, සිංගප්පූරුවට නිදහස ලැබීමට වසර නවයකට පෙර ය.

කම්පොං හරහා සංචාරයන් මෙහෙයවන ප්‍රදේශවාසී මාර්ගෝපදේශක ක්යාංතා යප් පවසන අන්දමට, ගමේ බිම් කොටස්වලින් බහුතරයක් අසල පිහිටි රෝහලේ සහ රබර් වත්තේ කම්කරුවන්ට බදු දී ඇත – ඔවුන්ගේ පරම්පරාවන්ගෙන් පැවත එන බොහෝදෙනෙක් තවමත් මෙහි වාසය කරති. එකල සෑම නිවසකම මාසික කුලිය සිංගප්පූරු ඩොලර් 4.50ත් 30ත් (රු. 944 – රු. 6300) අතර වුණි. වර්තමානයේ දී සූන්ග් ද ලොරොං බුවැංකොක්හි පවුල් විසිපහෙන් අය කරන්නේ අඩු වැඩි වශයෙන් එම ගාස්තුවම ය. ඊට සාපේක්ෂව බැලූකල, ගමට යාබදව රජයෙන් ඉදිකළ ගොඩනැගිලි සමූහයේ දක්නට හැකි, කම්පොං නිවෙසක ප්‍රමාණයෙන් දහයෙන් පංගුවක් විශාල කාමරයක් කුලියට ගැනීම සඳහා එම මුදල මෙන් විසිගුණයක් පමණ වැයවෙයි. බෙදුම් ඇළට අනෙක් පසින් පිහිටි නිවෙස් සිංගප්පූරු ඩොලර් මිලියන කිහිපයකට වඩා විශාල මුදලකට විකිණිය හැකි ය.

සිංගප්පූරුවේ වඩාත්ම ලාභදායී නිවාස පහසුකම් මෙම ගම්මානයෙන් සොයාගත හැකි නමුත්, 1990 ගණන්වල සිට නව පදිංචිකරුවන් එහි පදිංචියට පැමිණ නැති අතර නුදුරු අනාගතයේ දී ද එවැන්නක් සිදුවීමේ ඉඩකඩ අවම ය. යප් අප හා පැවසූ පරිදි මෙහි පදිංචිය කොන්දේසි සහිත ය: සාමාන්‍යයෙන් නිවසක් හිස්වීම සඳහා නිවැසියා ඉන් ඉවත්ව යෑම හෝ ජීවිතයෙන් සමුගැනීම සිදුවිය යුතු ය. අතීත හෝ වර්තමාන කුලී නිවැසියන්ට හෝ, සූන්ග්ගේ පවුලට සබඳතාවක් ඇති තැනැත්තන් සලකා බැලෙන්නේ ඉන්පසුව පමණි.

පසුගිය ජුනි මාසයේ දී සිංගප්පූරුවේ ලොක්ඩවුන් අවසන් වූ දා සිට, ලොරොං බුවැංකොක් කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස ඉහළගොස් ඇතිබව යප් නිරීක්ෂණය කළේ ය. ඔහුගේ සතිඅන්ත චාරිකාවල ඉඩකඩ දැන් දැන් ඉක්මනින්ම පිරී යයි.

කම්පොං හරහා සංචාර මෙහෙයවන යප්, පසුගිය වසර තුළ අමුත්තන් පැමිණීමෙහි වර්ධනයක් නිරීක්ෂණය කළේ ය

“කාටවත් රටින් පිට සංචාරවල යන්න විදියක් නැති නිසා මේක පුදුමයට කාරණයක් නෙවෙයි. මේක අද්විතීය දේශීය සංචාරක ස්ථානයක්,” ඔහු පැවසීය. “තනියෙන්ම මෙහෙ එන ගොඩදෙනෙකුත් ඉන්නවා; සාමාන්‍ය මිනිස්සු, බයිසිකල් පදින අය, ව්‍යායාම ගන්න දුවන අය, ඒ වගෙම මීටප් [එනම් සේවාව හරහා හමුවූ] කණ්ඩායම් පවා මෙහෙ එනවා.” යප් කියා සිටින්නේ බොහෝදෙනා කම්පොං හරහා නිස්කාංසුවේ ඇවිදීමටත්, ලෝකයේ ඉතාම ජනාකීර්ණ හා නාගරීකරණය වූ රටවලින් එකක සැඟවී ඇති දුලබ හරිතමය ක්ෂේම භූමියක ඡායාරූප ගැනීමටත් පැමිණෙනබව යි.

කම්පොංහි නිවෙස් 25ක වෙසෙන එකිනෙකා හා දැඩිව බැඳුනු හුදෙකලා ප්‍රජාව මේ වන විට කුතුහලයෙන් පිරි සංචාරකයින්ගේ අනවරත ප්‍රවාහයට හුරුව සිටිනබව ද යප් වැඩිදුරටත් සඳහන් කළේ ය.

බොහෝ සිංගප්පූරු වැසියන්ට ලොරොං බුවැංකොක් යනු කුතුහලය දනවන කාල කැප්සියුලයක් වියහැකිමුත්, සූන්ග්ට නම් එය ඊට වඩා අරුත්බර දෙයකි. කුඩා වියේ දී, ඇගේ පියා මෙම ඉඩමේ වැඩෙහි යෙදෙන විට ඈ ඔහු පසුපස ඇදීගිය අයුරු ඇය සිහිපත් කළා ය. ඇය දැන් අසල්වැසියන් හා බෙදාහදාගන්නා පාරම්පරික චීන වෛද්‍ය ඥානය ඈට ලැබුනේ ඔහුගෙනි. නිදසුනක් වශයෙන්, ගමේ මරතොන්ඩි පැළවල කොළ විවෘත තුවාල සහ පිළිස්සුම් සමනය කිරීමට යොදාගත හැකි අතර, ඒවා ආහාරයට ගත්විට බඩවැලේ ඇතිවන තුවාලවලින් ආරක්ෂාව සැලසෙතැ යි විශ්වාස කෙරේ.

ඇය සිටින්නේ “උණු උණු” දේපළක් මතබව සූන්ග් දනී. ඉඩකඩ හිඟ මෙරටට, මේ ගම මිල දී ගැනීමට බලාපොරොත්තු වන සංවර්ධකයන්ගෙන් අඩුවක් නැත. නමුත් මරණ මංචකයේ සිටි සිය පියාට ලොරොං බුවැංකොක් ආරක්ෂාකර ගන්නාබවට දුන් පොරොන්දුව කඩකිරීමට තරම් ඒ කිසිදු යෝජනාවක් ඇයට කිසිදා ආකර්ෂණීය නොවනු ඇත. දශක ගණනාවක් තිස්සේ ඇය ආරක්ෂා කළ ස්ථාවරය ඇය නැවත අවධාරණය කළ අතර, එය නිතර ඈ බැලීම පිණිස ගමට එන ඇගේ සහෝදර සහෝදරියන් ද දැඩිව විශ්වාස කළ එකකි: ඇයට හැකිතාක් කල්, මෙම ඉඩම විකිණීමට නොවේ.

ලොරොං බුවැංකොක් ආරක්ෂාකර ගන්නාබවත්, ඉඩම විකුණන්නේ නැතිබවත් මරණ මංචකයේ සිටි සිය පියාට සූන්ග් පොරොන්දුවක් ලබාදුන්නා ය

ලොරොං බුවැංකොක් ආරක්ෂාකර ගන්නාබවත්, ඉඩම විකුණන්නේ නැතිබවත් මරණ මංචකයේ සිටි සිය පියාට සූන්ග් පොරොන්දුවක් ලබාදුන්නා ය

2014 දී, ගම සමතලාකර ඒ මත අධිවේගී මාර්ගයක්, පාසල් දෙකක්, සහ පොදු උද්‍යානයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් විය. රජය තවමත් සැලැස්ම සලකාබලනු වියහැකි නමුත්, ජාතික සංවර්ධන අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී ප්‍රකාශකර ඇත්තේ, “මෙම සංවර්ධනයන් නුදුරු අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට අදහසක් නොමැති” බවකි.

බොහෝ සිංගප්පූරු වැසියෝ යෝජිත සැලැස්ම කෙරෙහි සිය විරෝධය පළකළෝ ය. තවත් සමහරු මේ ගම්මානය යුනෙස්කෝ ලෝක උරුමයක්බවට පත්කිරීමට පවා ඉල්ලා සිටියහ. නමුත්, කලක් සිංගප්පූරු රජය විසින් පොදුවේ කම්පොං “හෙළා දුටුව ද”, වර්තමානය වන විට මෙම ග්‍රාමීය අවශිෂ්ටයන් හා ඒවා විසින් පෝෂණය වන සංස්කෘතිය අගය කෙරුමට නිලධාරීන් යොමුව සිටියි.

“ලොරොං බුවැංකොක් පාසැල්වල කොටසක් ලෙස ආරක්ෂා කරගත හැකියි, උදාහරණ විදියට, එළිමහන් ඉගෙනුම් ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමෙන්. නැත්නම් අනාගත උද්‍යාන හෝ ක්‍රීඩා පිටිවලට ඒකාබද්ධ කරන්න පුළුවන්,” හිටපු දේශපාලනඥයෙකු ද, සිංගප්පූරු තාක්ෂණ ආයතනයේ ප්‍රතිපත්ති සහ නායකත්වය පිළිබඳ වත්මන් සහකාර මහාචාර්යවරියක ද වන ආචාර්ය ඉන්ටන් මොක්තාර් පැහැදිලි කළා ය. “බොහෝ පදිංචිකරුවන් ඔවුන්ගේ ජීවිතවලින් අඩකටත් වඩා එහෙ ජීවත්වෙලා තියෙනවා. ඒ අය එකිනෙකාට සලකන්නේ පවුලක් වගෙයි.”

මේ වන විට බොහෝ සිංගප්පූරු වැසියන් මෙම ග්‍රාමීය අවශිෂ්ටයන් හා “කම්පොං ස්පිරිට් එක” අගය කෙරුමට යොමුව සිටියි

අවම වශයෙන්, ඔවුන් මෙම කාරණයට කල්පනාකාරීව ප්‍රවේශ වනබවට තහවුරුවක් රජය විසින් සිංගප්පූරු වැසියන්ට ලැබී තිබේ. “මුළු ප්‍රදේශය සඳහාම අපේ සැලසුම් අවසන් කරන්න කාලය එළඹෙනකොට, සංවර්ධන සාකල්‍ය සහ සුසංයෝගී ආකාරයෙන් සිදුවෙනබව සහතික කරන්න රජය අදාල පාර්ශවකරුවන් එක්ක සමීපව කටයුතු කරන්න ඕන,” ලී පවසා ඇත. “මේ කටයුත්තේ දී ඒ වෙනකොට කම්පොං එකේ ජීවත් වෙන පවුල් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙලා, ඔවුන්ගේ අවශ්‍යතා සහ ලැදිකම් අවබෝධකර ගැනීමටත්, සලකා බැලීමටත් වැඩ කරන්න ඕනේ.”

කම්පොං වැසියන්ගෙන් අයෙකු වන නසීම් අප හා පවසා සිටියේ, “රජය දැන්වත් අපේ කම්පොං එකේ වැදගත්කම දකින එක හොඳ” බව යි.

“මේ රට හැදුනු හැටි අපේ අලුත් පරම්පරාවට මතක්කරලා දෙන දෙයක් ඉතිරි කරලා තියන්න ඕනෙනේ. අපි ආවේ මේ නිහතමානී පැල්පත්වලින්.” කලක් වඩාත් හුදෙකලාව සිටි සූන්ග් දැන් අමුත්තන් තම භූමියට සාදරයෙන් පිළිගැනීම යහපත් වෙනසක්බව නසිම් වැඩිදුරටත් පැවසීය. “ඒක ඒ අයට අපිව තේරුම්ගන්න උදව් වෙනවා, ලොරොං බුවැංකොක් සංරක්ෂණය කරන්න ඕනේ ඇයි කියන එක තේරුම්ගන්න උදව් වෙනවා.”

ඉඩම් ඉතා වටිනා සම්පතක් වන සිංගප්පූරුවේ, පැරණි දේ රක්ෂාකර තබාගැනීමත්, අලුත් දේ සංවර්ධනය කිරීමත් අතර නිරන්තර ආතතියක් පවතිනු ඇත. ලොරොං බුවැංකොක්හි අනාගතය අවිනිශ්චිතව පවතින අතර, එය සුරැකීම යනු ජාතියේ මූලයන්, සංස්කෘතිය, සහ උරුමයන්හි බිඳක් අනාගත පරම්පරාවන් උදෙසා සුරක්ෂිතව තබාගැනීම යි – එය සිංගප්පූරුව වැනි තරුණ රටකට පවා අත්‍යවශ්‍ය යමෙකි.

“මේ රට හැදුනු හැටි අපේ අලුත් පරම්පරාවට මතක්කරලා දෙන දෙයක් ඉතිරි කරලා තියන්න ඕනෙනේ”
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශීය නාඩු කිලෝව 220ට වඩා විකුණන්න බැරි සහල් මිල පාලනයක් ගෙනෙයි !

Next Post

ඇෆ්ගනිස්ථාන අන්තරාය නොසලකන ඇමරිකාව

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.