ප්‍රේක්ෂාගාරය තුළ ආනන්දයක් උපදවමින දෙවන විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 188ක තියුණු ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී ඇත. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීම තෝරණ ඇෆ්ගනිස්තානය හඹා යෑමේ අභියෝගය කළමනාකරණය කරගැනීම ඉතාම පහසු තත්ත්වයක නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187 ලබා ගන්නේ කඩුළු 06ක් පමණක් දැවී ගොස්ය. මුල් තරගයේ දී ඔවුහු ලකුණු 160ට සියල්ලෝ දැවී ගියහ. එක් පන්දු ඕවරයක් ඉතිරිව තිබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා ආරම්භයක් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලබා දුන්නේය. පැතුම් ලකුනු 25කි පන්දු 11ක් තුළ ලැබූ ඒ ලකුණු 25ට හතරේ පහර 5කි. ලකුණු 20ක්ම හතරේ පහර වලිනි.
කුසල් පන්දු 14ක දී ලකුණු 23කි. හතරේ පහර 04කි. පවර් ප්ලේ අවස්ථාවේම කුසල් සහ පැතුම් දැවී ගියහ.
තරගය මනරම් එක්ක කරන්නෙ කණ්ඩායමේ නිහඬ සටන්කරුවා වු මැදපෙළ පිතිකරු සධීර සමරවික්‍රමය. සධීර පන්දු 42ක දී ලකුණු 51ක් ලැබුවේ හතරේ පහට 5ක් සමගිනි.
ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42ක් ලැබුවේය. ඒ මනරම් ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර 04ක් සමගිනි. වනිඳු වටිනා ලකුනු 22ක් පන්දු 09ක් තුළ රැස් කළේය. ඒ හතරේ පහර 1ක් සහ හයේ පහර 2ක් සමගිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187කි. කඩුළු 06ක් දැවී ගොස්ය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 40කට කඩුළු 02ක්. මොහොමඩ් නබි ලකුණු 25කට කඩුළු දෙකක් ලැබිය නවීන් උල් හක් දැඩි ප්‍රහාරයකට ලක් විය. ලකුණු 46ට කඩුල්ලක් ලැබීය. ෆසාල් හක් ෆාරුකී ලකුණු 31ට කඩුල්ලක් ලැබුවේය.
ඇෆ්ගන් ඉනිම ආරම්භ වී තිබේ. ආරම්භයේ ම ඔවුන් අසීරු අඩියකය. ක්‍රීඩාවේ විචිත්‍රත්වය මැවෙන්නේ බිඳ වැටිම් හා නැගිටීම් තුළය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට ප්‍රවේශ වී ඇත.







