පසුගිය බදාදා පැවති 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර තරගය අතරතුර ගුටි කෙළියකට සැරසුන පකිස්ථානයේ අෆීස් අලිට සහ ඇෆ්ගනිස්ථානයේ ෆරීඩ් අමඩ්ට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නිමක කිරීම ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
එමෙන්ම තරගයෙන් පසු ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන ක්‍රීඩා ලෝලීන් අතර ඇතිවූ ගැටුමේ දී ක්‍රීඩාගාරයට අලාභානි කරමින් කළහකාරී ලෙස හැසිරුණ ඇෆ්ගනිස්ථානුවන් 97 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවලින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 117 දෙනෙක් අතුළු 391 මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාල පුදගලයන්ට එරෙහිව ජීවිත කාලයට ම බලපාන ආකාරයට ක්‍රියාත්මක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා බලපත්‍ර තහනම් කිරීමටත්, විශාල දඩ මුදලකට යටත් කිරීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරනු ඇති බවය.







