ඇෆ්ගනිස්ථානයේ පාසල් වලට එල්ලවූ බොම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය දැඩි අවධානය යොමුකර තිබේ.
එහිදී ඉකුත් 19 වැනිදා ඇෆ්ගනිස්ථානයේ පාසලකට එල්ලවූ ප්‍රහාරනේ හය දෙනෙකු මරණය පත්වීම සම්බන්ධයෙන් සිය කණස්සල්ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පළකර ඇත.
මෙම ප්‍රහාර දරුවන්ගෙ අනාගයට දැඩි බලපෑමක් එල්ල කර බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද විශාල ලෙස අහිතකර ලෙස බලපාන බවද එම සංවිධානය විසින් පෙන්වාදෙයි.
එහිදී පාසල් සිසුන්ගේ ආරක්ෂාව තර කිරීමටත් තලේබාන් සංවිධනය අවශ්‍ය පියවරගන්නා ලෙසද රයිට්ස් වොච් සංවිධානය ඉල්ලා තිබේ.
2015 සිය 2019 දක්වා කාලය තුල ඇෆ්ගනිස්ථානයේදී පාසල් ළමුන් ඉලක්ක කර ප්‍රහාර 1000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව වාර්තා සඳහන් කරයි.
එසේම තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ එතෙක් ඇෆ්ගනිස්ථානයේ පැවති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටිණි. එහිදී ගැහැණු ළමුන්ට අධ්‍යාපනයේ යෙදීමට දැඩි භාදා ඇතිවිය.
ඊට අමතරව කාන්තා ගුරුවරියන් හටද ඉගැනීම් කටයුතු කිරීමටද භාදා මතු වූ අතර කාන්තාවන් විශාල පීඩනයකට ලක්විය.
මේවන විට ඇෆ්ගනිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකටද මුහුණ දී සිටින අතර පසුගිය කාලය පුරා අයි.එස් අයි.එස් . කේ ත්‍රස්ත කණ්ඩායම් විසින් ප්‍රහාර කිහිපයක්ම එල්ල කෙරිණි.
මෙම ප්‍රහාර පාසල් සහ පල්ලි ඉලක්ක කර එලල් වූ අතර ඊට වගකිවයුතු පාර්ශවයන් කඩිනමින් අත් අඩංගුව ගැනීමට පියවර ගන්නා බවටද ප්‍රකාශ කෙරිණි.







