අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස් ඇති උන්ට දැක ගැනීම සඳහායි… රටක් බිල්ලට තබන “සයිනොවැක් අපරාධයේ“ මුල මැද අග

by editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතකළ කාර්යක්ෂමතාවය අඩුම එන්නත…

  • ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන අයුරු ගැන දත්ත නෑ… අනුමැතිය ගන්නෙ බලපෑම් කරන්නෙ ඒ පසුබිම තුළ

  • එන්නත වැඩි මිලට ගෙන්වන්නෙ ගෝඨාභය, පවිත්‍රා, බැසිල්, ලලිත් වීරතුංග දරන ස්ථාවරයට පිටින්…

  • ලෝකයේ ඉහළ එන්නත් ප්‍රමාණවත් තරම් එද්දි බලපෑම මත අනුමැතිය දෙන්නෙ මිලියන 02කට… මිලියන 13ක් ගෙන්වන්න සැලසුම්…

  • සැලසුම හෙළි වූ වහාම 08 දෙනෙකුගෙන් යුතු එන්නත් අනුමත කිරීමේ විශේෂඥ කමිටුවේ 03ක් ඉල්ලා අස්වෙලා…

කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිශක්තියක් ලබා දෙන එන්නත් ප්‍රමාණවත් තරම් පැමිණෙන පසුබිමක් තුළ රජයේ ඉහළම පෙළේ බලවතුන්ද ප්‍රතිශක්තිය සාපේක්ෂව අඩු සයිනෝවැක් එන්නත මෙරට භාවිතය සඳහා නොගෙන්විය යුතුය යන පදනමක පිහිටා කටයුතු කරද්දී එක් දේශපාලකයකු සහ රජයේ ප්‍රධාන තනතුරු දරන දෙදෙනකු මෙම එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් යුහුසුළුව කටයුතු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කරයි.

මේ වනවිට ජනාධිපතිවරයා , එන්නත්කරණය පිළිබඳව ජනාධිපති සම්බන්ධීකාරක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම එන්නත ගෙන්වීම අනවශ්‍ය ය යන පසුබිමක පිහිටා කටයුතු කළද මෙම නිලධාරීන් එම එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින ආකාරයක් නිරීක්ෂණය වන බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

සයිනෝවැක් එන්නත චීනයේ පෞද්ගලික සමාගමක් විසින් නිපදවනු ලබන අතර එය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද කොවිඩ් එන්නත් අතරින් සාර්ථකත්වය අතින් අඩුම එන්නත ලෙසින් සැලකෙයි. මෙම එන්නත ශ්‍රි ලංකාව තුළ අනුමත කිරීම ප්‍රමාද වන්නේ දැනට ලෝකය පුරා වේගයෙන් පැතිරන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියා කරන්නේද යන්න තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත ලබා නොදීම හේතුවෙනි.

එසේ වුවද ඉහත කී බලධාරීන්ගේ බලවත් ඉල්ලීම මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත ඇගයීම් විශේෂඥ කමිටුව මෙම එන්නත් මිලියන 2ක් පමණක් ගෙන්වීම සඳහා නිර්දේශ ලබා දී ඇත. එම නිර්දේශය මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කළ අතර ආරංචි මාර්ග පවසන්නේ එයින් මාත්‍රා මිලියන දෙකක් වෙනුවට එන්නත් මිලියන 13ක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු යෙදෙන බවය.

එහෙත් මේ වනවිට ශ්‍රි ලංකාවට ප්‍රමාණවත් තරම් එන්නත් පැමිණෙන පසුබිමක් මත සාර්ථකත්වයෙන් අඩු මෙම එන්නත සාපේක්ෂව වැඩි මිලකට ලබා ගැනීම නිවැරදි නොවන ක්‍රියාවක් බව වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. පසුගියදා බ්‍රහස්පතින්දා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම සයිනොවැක් ඖෂධය සඳහා අනුමැතිය ලබා දීමේදී එයින් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට සූදානම් වන බව සැළවූ ඖෂධ අනුමත කිරීමේ කමිටුව නියෝජනය කළ එන්නත් සම්බන්ධ විශේඥයන් තිදෙදෙනක් එම තනතුරුවලින් ඉවත් වන බව පසුගිය සිකුරාදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත වෙත ලිපි මඟින් දන්වා තිබිණි. එම වෛද්‍යවරුන් වන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස්, වෛරසවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ඖෂධවේද විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්න රණසිංහයි. එක එන්නතක් අරභයා අට දෙනකුගෙන් යුතු කමිටුවක තිදෙනකු ඉවත්වීම කෙසේවත් සුළු වෙන් තැකිය හැකි කරුණක් වන්නේ නැත.

සයිනෝවැක් දැනට එපා කියන්නේ ඇයි?

කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත්වල ස්වරූපය එකිනෙකට වෙනස්ය. එවායින් එක් එක් එන්නත වෙරසය හමුවේ මෙන්ම වෛරසයේ අලුතින් හටගත් ප්‍රභේද හමුවේ ක්‍රියා කරන ආකාරය වෙනස්ය. මේ සම්බන්ධයෙන් නිරන්තර පර්යේෂණ සිදුවේ. මෙම පර්යේෂණ පිළිගත් ආකාරයෙන් සිදුව ඇතිනම් එම පර්යේෂණ දත්ත ඇගයීම සෑම රටකම ඖෂධ නිලධාරීන් විසින් කරනු ලබන කටයුත්තකි. ලෝකයේ විවිධ රටවල වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් කරන්නේ රටට වඩාත් හිතකර ඖෂධය භාවිතයට ගෙන්වීමය. ගබඩා කිරීමට පහසු එමෙන්ම මිල අතින් සාධාරණ ඖෂධ තෝරා ගැනීමට සැලකිලිමත් වීමය.

ශ්‍රි ලංකාව මුලින්ම ගෙන්වීමට තීරණය කළ කොවිෂීල්ඩ් නම් ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා ඖෂධයයි. හදිසියේ ඉන්දියාවේ හට ගත් කොවිඩ් අර්බුදය හේතුවන් කොවිෂීල්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය. මේ අනපේක්ෂිත හේතුව නොවන්නට කොවිෂීල්ඩ් එන්නත ලංකාවට ගෙන්වීමට ගත් තීරණය ප්‍රශස්ථ එකක් වූයේය. එම ඖෂධය සාපේක්ෂව මිලෙන් අඩු වීම, සාමාන්‍ය ශීත දාමයක් තුළ ගබඩා කළ හැකි වීම ආසන්න රටක නිෂ්පාදනය කරන බැවින් ඉක්මනින් ගෙන්විය හැකි වීම වැනි කරුණු හේතුවෙන් මෙය තීරණය අතිශයින්ම සාධනීය විය.

නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවට කොවැක්ස් පහසුකම යටතේ මෙන්ම මිලදී ගැනීම් වශයෙන් ලෝකයේ ඉහළම ප්‍රමිතයක් සහිත එන්නත් තොග ප්‍රමාණවත් තරම් පැමිණෙමින් තිබේ. එය සහනයකි. ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නා එන්නත් රැසක් ද ඒ අතර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ දත්තවලට අනුව මෙලෙස පැමිණීමට නියමිත එන්නත් ප්‍රමාණය මාත්‍රා මිලියන 22කට ආසන්නය

එන්නත් මිලියන 22 පෙළ ගැසෙන්නේ මෙසේය.

• පසුගියදා සයිටනෝ ෆාම් එන්නත් මිලියන 2ක් ලබුණි.
• ඊයේ (19) දිනයේ ෆයිසර් එන්නත් 76000ක් ලැබුණි.
• මේ මාසය අවසන් වනවිට තවත් ෆයිසර් එන්නත් 176000ක් ලැබීමට නියමිතය.
• මොඩර්නා එන්නත් මිලියන 1.5ක් රටට පැමිණ ඇත.
• මේ මාසය අග වනවිට තවත් එන්නත් ලක්ෂ 5ක් පැමිණිමට නියමිතය.
• සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් පැමිණීමට නියමිතය.
• ජපානයෙන් එන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.62 අද හෙට පැමිණෙන්නේය.
• සයිනෝමේ එන්නත් මිලියන 18ක් ලබන සැප්තැම්බරය වනවිට ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

මෙසේ පැමිණීමට නියමිත එන්නත්වලින් රටේ ජනගහණයට ප්‍රමාණවත් එන්නත් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

මෙලෙස පැමිණෙන සියලු එන්නත් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් එහි එන්නත් අනුමැතිය ලබා දීම සඳහා ඇගයීම් කරන කමිටුවටත් ලැබී ඇත.

Sinovac

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සයිනොවැක්ස් අපරාධය

එහෙත් සයිනෝවැක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත. එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන්නද එම අධිකාරියේ විශේෂඥයන් ඉල්ලූ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබඳව විද්‍යාත්මක දත්ත ලැබුණේ නැත.
මෙම එන්නත අනුමත කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස මේ අතර විශේෂඥ කමිටුවට බලපෑම් එල්ල වූ අතර මේ බලපෑම් සිදුවන කාලය තුළ මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ව සිටින සිටි මහාචාර්ය නිලිකා මලවිගේ, වෛද්‍ය පත්මේෂ්වරන් යන වෛද්‍යවරුන් ඉවත් වූ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු එම කමිටුවෙන් ඉවත් කෙරිණි.

මේ අනුව බලන කල අට දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවේ මුල් සාමාජිකයන්ගෙන් හය දෙනකු ඉවත්ව හෝ ඉවත් කොට ඇත. මුල් කමිටු සාමාජිකයන් අතරින් එහි තවමත් රැඳී සිටින්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ වසංගත වේද විශේෂඥ වෙද්‍ය හසිත තිසේරා පමණි.

අනෙක් ප්‍රශ්නය වන්නේ මේ වනවිට සයිනෝවැක් සම්බන්ධයෙන් එය බහුල වශයෙන් භාවිත කළ ඉන්දුනීසියාව තායිලන්තය වැනි රටවල බරපතල ගැටලු නිර්මාණය විය. මෙම රටවල එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයන් ගණනාවක් පමණක් නොව මෙම සයිනෝවැක් එන්නත සම්බන්ධයෙන් එරට පර්යේෂණ කළ ප්‍රධානතම විද්‍යාඥවරියද කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගියාය.
මේ හා සමාන තත්ත්වයක් තායිලන්තයේද පවතී. එබැවින් එම රටවල් දැන් කල්පනා කරන්නේ එන්නත් දෙකක් ලබා ගත් ජනතාවට තෙවන මාත්‍රාවත් ලබා දීම පිළිබඳවය. රටකට එන්නත් ඕනෑ වන්නේ එකක් දෙකක් නොව මිලියන ගණනිනි. ඒ අනුව මෙයින් සිදුවන ආර්ථික හෙල්ලීම ඇතැම් විට කොවඩ් වසංගතයට වඩා බියකරු වනු ඇත.

මේ අතරේ සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ ජපානය අවශ්‍ය නම් තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දීමට සූදානමින් සිටීමය.

දේශපාලන අවධානය

මේ කරුණු පිළිබඳව මේ වනවිට වෛද්‍ය තලයෙන් ඔබ්බට ගොස් ඉහළ දේශපාලන තලයේද අවධානයට ලක්ව ඇත. මෙම එන්නත්කරණය මුල් අවධියේදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත් සිදු කරන ලද අපකීර්තිමත් කටයුතුවල කුණු නාමය අවසානයේ භුක්ති විඳින්නට සිදුවුයේ දේශපාලන අධිකාරියටය. මේ සියලු තත්ත්වන් සැලකීමේදී දේශපාලන අධිකාරියේ ඉහළම තලය නියෝජනය කරන ජනාධිපතිවරයා, ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එන්නත් සම්බන්ධීකරණය කරන ලලිත් වීරතුංග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිද සිටිනුයේ නිශ්ඵල ලෙස එන්නත් වෙනුවෙන් රටේ මුදල් ශ්‍රමය සහ කාලය වැය නොකළ යුතු බවට වූ තීන්දුව මතය.

එසේ වුවද යම් හෝ අදිසි බලවේගයක් මත ඖෂධ කටයුතුවලට සම්බන්ධ ආයතන දෙකක ප්‍රධානීන් දෙදෙනකු මෙන්ම එක් දේශපාලකයකු සයිනෝවැක් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති අයුරු හෙළිදරවු වෙමින් ඇත.

අප සිතා සිටින්නේ ලෝකයේ ඉහළම බලය සහිත විධායක ජනාධිපතිවරයා සිටින්නේ අපට බවය. එහෙත් ඒ විධායක බලයටත් ඉහළින් ගොස් මිනිස්සුන්ගේ ජීවිත සමග සූදු කෙළින්නට යමෙක් පෙළඹෙන්නේ නම් ප්‍රකාශ වන්නේ අපරාධයකටත් එහා ගිය බිහිසුණු ව්‍යසනයකි. මේ මොහොතේ අප මේ ව්‍යසනය දෙස බියපත් දෑසින් බලා සිටින්නේ ඒ නිසාය.Sinovac vaccination


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට රහසිගතව ඇතුලු වී ඔත්තු බැලූ ඊශ්‍රායල මෘදුකාංගය

Next Post

වෛද්‍යවරියක් සේ පෙනී සිට තමන් සමග නිරෝධායනවන කාන්තාවන්ගේ තොරතුරු රහසින් එකතු කළ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.