මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ සියලු රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලෙස දන්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.
රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඖෂධයේ ඛාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියකින් තොර බව තහවුරු වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තිරණය ගෙන තිබේ.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක පවසන්නේ අදාළ ඖෂධ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවය.