අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර පළාතේ පිහිටි අනුරාධපුර යුගයට අයත් විශාලම දාගැබක් විනාශයි… ගල්කණු සඳකඩපහණ කඩා කෝවිලක් හදන්න අරන්…

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

අනුරාධ පුර යුගයේ දී නැගෙනහිර පළාත තුළ ඉදිකළ විශාලම දාගැබක් ලෙස සැලකෙන, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවාඩිවෙම්බු පෞරාණික දාගැබ අන්තවාදී ආගමික මත දරන පිරිසක් විසින් මුලුමනින්ම විනාශ කර ඇති බව වාර්තා වේ.

මෙම විශාල දාගැබ විනාශ කරමින්, එහි සඳකඩ පහණ, ගල් කණු,    ගඩොල්, ශිලා පුවරු, අසල කෝවිලකට ගෙනගොස් ඇතැම් ගල්කණු කඩා විනාශකර කෝවිලේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක අත්තිවාරමකට හා දේවාලයේ වැට මායිමකට යොදාගෙන තිබෙන බව මඩකලපුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී කල්කුඩා ශ්‍රී සීලාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති, පූජ්‍ය දේවගල දේව ලංකාර නාහිමියෝ සඳහන් කළහ,

ක්‍රිස්තු වර්ෂ 2,3 සියවස්වල පමණ ඉදිකර ඇති බවට සැලකෙන මෙම පෞරාණික දාගැබ   2017 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලය මගින්  හඳුනාගෙන වාර්තා කර තිබිණි.

මීටර් 32 කින් පමණ විශ්කම්භයකින් යුත් මෙම ස්තූපයේ පේසා වළලු, ගර්භයේ බිත්ති කොටස්, සම්පූර්ණ විනාශ කර එතැන් සිට අවට අක්කර තුන හතරක පරිසරයක ද විනාශ වීමට ඉඩ හැර ඇති බවත්, මෙම දාගැබේ පරිවාර චෛත්‍ය හතරක නටබුන් දැනට දක්නට තිබෙන බවත් ඇතැම් පරිවාර චෛත්‍ය උඩ පොල් ඇතුළු අනෙකුත් වගාවන් සිදුකර ඇති බවත්, දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මෙම ප්‍රදේශය පිරිසක් විහාරතෝට්ටම් නමින් හඳුන්වා මෙම විශාලතම දාගැබේ ගල්කණු, සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවිද්‍යා වස්තු කුළු ගෙඩිවලින් පහරදී කළුගල් බවට පත්කර ඒ අසල ඉදිකරන කෝවිලක අත්තිවාරමකට යොදා ගැනීම කණගාටුදායක කරුණකැයි උන්වහන්සේ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දාගැබේ සමහර පුරාවස්තු ට්‍රැක්ටර් මගින් රැගෙන ගොස් ඇති බවත්, සමහර ගල්කණු මෙන්ම කැටයම් ගල් සඳකඩපහන්, කෝවිලේ වැට මායිමට දමා ඇති බවත් දේවාලංකාර නාහිමියන් පෙන්වා දුන්හ.

මෙම විශාලතම දාගැබ උඩ සහ ඒ අවට 2019 වර්ෂයේ මිරිස් වගා කර තිබූ අතර මේ පිළිබඳ මාධ්‍ය හෙළිදරව්වකින් අනතුරුව පුරාවිද්‍යා නිලධාරීන් එම දාගැබ ප්‍රදේශය වෙන්කර සිටුවා ඇති පුරාවිද්‍යා කුළුණුද මේ පිරිස විසින්  විනාශ කර ඇත.

ගලවා දමා ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කනු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මායිම් කර ඇතිඇති ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් ඉඩම් ලෙස කොටුකරගෙන ඒ තුළද පොල් වගා කරන ඇති බව  නාහිමියෝ කීහ.

මේ පිලිබද ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේත් පුරාවිද්‍යාවේ විෂය භාර අමාත්‍යවරයාගේ මෙන්ම පක්ෂ විපක්ෂ සියළු දෙනාගේත් අවධානය  යොමුවිය යුතු බව උන්වහන්සේ කිහ.

පුරාවස්තු යනු බෞද්ධ හින්දු ඉස්ලාම් සියලුදෙනාගේම ජාතික උරුමයක් බව කී උන්වහන්සේ මෙවැනි ගෝත්‍රික විනාශකාරී මතවාදවලින් මිදී  නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා වස්තූන් රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරගැනීමට එක්වන කලෙස ඉල්ලා සිටියහ.

අප මෙම දාගැබේ විනාශය සහ පත්ව ඇති තත්වය පිළිබඳ විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර පුරාවිද්‍යා  කාර්යාලයෙන් කළ විමසීමකදී, එහි නිලධාරියෙකු සඳහන් කළේ ,එම දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කරනු ඇති බවත්, විනාශ වී ඇති තත්වය පිළිබඳ සොයා බලා ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

ඒ සම්බන්ධ වැඩි තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බව ද ඔහු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇස්ප්‍රීන් ඖධෂයේ ඛාණ්ඩ දෙකක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කරයි…

Next Post

මැර පිරිසක් උපන්දින සාදය මළ ගෙයක් කරති… 21 හැවිරිදි රූමත් තරුණිය මරා ගෙටම ගිනි තබා පුලුස්සයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.