ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
ජනාධිපතිවරයා ගේ ඉල්ලීමකට අනුව සමරසිංහ මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහු මීළඟ ඇමරිකානු තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද සමරසිංහ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කටයුතු කර ඇති පුද්ගලයකු වන අතර ඔහු කලක් තානාපති සේවයේ ද කටයුතු කර ඇත.
ඇමරිකානු තානාපතිවරයා ලෙස සේවය කළ රවිනාථ ආර්යසිංහ විශ්‍රාම ගැනීමෙන් පසු එම තනතුර සඳහා මහින්ද සමරසිංහ පත්කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු ඇත.
ඒ අනුව ඔහු ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එම තනතුර ලබා ගැනීමට නියමිත බව සඳහන් වේ.