ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර තුර ක්‍රිකට් ආයතනය මගින් සිදු කර ඇතැයි කියන වියදම් පිළිබඳ සොයා බැලීමට සිදු කෙරුණු වෝහාරික විගණනයේ වාර්තාව අතාර්කිකව ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා ඇමතිවරයාගේ ඉල්ලීම මත කරන ලද මෙම වෝහාරික විගණනය අවසන් කොට මාස කිහිපයක් ගත වී ඇතත් එහි වාර්තාව තවමත් නිකුත් කොට නොමැති වීම මේ වනවිට බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වී තිබේ.
මේ අතර විගණන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන නිලධාරියා විසින් මෙය පමා කිරීමට කටයුතු කරන බවටද චෝදනාවක් ඇති බවත් ඒ ප්‍රමාදය සැක කටයුතු බවත් වාර්තා වේ.