රුපියල් බිලියන ගණනක වාංචාවක් මත අත්අඩංගුවට පත් වී වැලිකඩ බන්ධනාගාරයේ පසුවුන තිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වූ තිළිණි ප්‍රියමාලි අධිකරණයෙන් පැනවූ සියලුම ඇප කොන්දේසි සැපිරීමෙන් අනතුරුව අද සවස (27) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටවී ගියාය.
තිළිණි ප්‍රියමාලිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී ජංගම දුරකථන තබා ලඟ තබා ගැනීම සම්බන්ධව චෝදනා එල්ල විය. ඒ සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරය විසින් කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කර තිබිණි.
එම නඩුවට ද ඇප නියම කිරිමෙන් අනතුරුව අද දහවල් ඇය විසින් සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කළාය.. ඇය නඩු 08ක් සඳහා ඇප කොන්දේසි සම්පූර්ණ කර තිබුණාය.