හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්නටත් ඔහුගේ පුතුටත් පවුලේ උදවියටත් පහර දීම සම්බන්ධයෙන් අදාල සිද්ධියට සම්බන්ධ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් තීරණය කර මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ සහ වත්මන් සභාපති චමෝද් තත්සර ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සිසුන් 12 දෙනා සහ මෙම සිසුන් දෙදෙනා ඇතුළු ශිෂ්‍යයින් 14කගේ ශිෂ්‍ය භාවය මේ වනවිට අහෝසි කර ඇත.
තව දුරටත් විශ්ව විද්‍යාලය මගින් අදාල සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.