ලිඛිත අවසරයකින් තොරව මාර්ගයට බැසි නොහැකි සේ අඳිරි නීතිය පනවා තිබිය දී රටේ තැන තැන උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ මහරගම නගරයේ විරෝධතාවයක් දියත් කරමින් සිටී.
සටන් පාඨ ලියා ඇති විශාල පුවරු ඔසවාගෙන පන්නිපිටිය සිට මහරගම නගරයට පැමිණි මේ පිරිස මහරගම නගර මධ්‍යයේ මෙම විරෝධතාවයේ නියැලෙමින් ඇත .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ විරෝධතාව නිදහස් මාවත ඔස්සේ ගමන් කරමින් තිබිය දී බැරියර් යොදා නතර කර තිබේ.
එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.