කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතන වලින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කර ගැනීමට යන පුද්ගලයන්ගෙන් එම පරීක්ෂණ සඳහා අධික ලෙස මුදල් අය කරන බවට තොරතුරු ලැබෙන බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
රෝග ලක්ෂණ හේතුවෙන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා එම පෞද්ගලික වෛද්‍ය ආයතන වලට යන පුද්ගලයන්ගෙන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සඳහා රුපියල් 4000 සිට 6000 දක්වා මිල ගණන් අය කරන බවට තොරතුරු ලැබෙන බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසයි.
මේ වන විට වැඩ වර්ජන නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ද ඔවුන්ගේ ප්‍රදේශවල ජනතාව මේ බව දුරකථන ඇමතුම් මගින් දැනුම් දෙන බව ද වැඩ වර්ජනයේ නිරතව සිටින මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීහු කිහිප දෙනෙක් කීහ.







