සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇත්තටම කැලෑ කැපෙන දවසට කාටත් කලින් විරුද්ධ වෙන්නේ මං අමාත්‍ය වීරවංශ කියයි

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයුමෙහි නිරත අමුතුම පරිසරවේදියෝ පිරිසක් ‘මෙන්න කැලෑ කපනෝ’ කියමින් අද විලාප දෙමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි. .

ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ‘දැයට එළිය’ තේමාව යටතේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

රටේ සංවර්ධන කටයුතු සිදු කරමින්, නව වගා බිම් අස්වැද්දීමට ජනතාව පොළඹවමින් ඉදිරියට යනකොට සමාජ මාධ්‍යවල ‘පිටරටවල කැලෑ කැපූ ඡායාරූප’ පවා යොදාගෙන ‘මෙන්න සිංහරාජය කපනෝ’ කියා කෑගහන අමුතුම පරිසරවේදියෝ ටිකක් දැන් බිහිව තිබෙනවා. එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපන විට, පසුගිය ආණ්ඩුව කුඹුරු, තෙත් බිම් ගොඩ කරන විට හිටපු නැති පිරිසක් දැන් අතිශයෝක්තියෙන් කටයුතු කරන මහා පරිසරවේදියෝ බවට පත්වෙලා තිබෙනවා. 2015ට කලින් ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියලා අතිශයෝක්තියෙන් ගොඩනඟපු පච අවලාද මෙහෙයුමේ දෙවන අදියර තමයි දැන් ‘මෙන්න කැලෑ කපනෝ – මෙන්න සිංහරාජෙ කපනෝ’ කියමින් ආරම්භ කර තිබෙන්නේ.

මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් අපි බැඳී සිටිනවා. රැම්සා තෙත්බිම විනාශ කරන්න හදන විට පසුගියදා පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අපයි. ඇත්තටම කැලෑ කපනවා නම් ඊට කාටත් කලින් අපි විරුද්ධ වෙනවා. මේ කෑගහන අය කරන්නේ පරිසරය ආරක්ෂා කිරීම නොවෙයි. පරිසරය හා සංවර්ධනය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාමේ අභියෝගය තමයි අප ඉදිරියේ පවතින්නේ. දැන් මේ අයට පෙනෙනවා ‘රටේ සංවර්ධනයක් වෙනවා. ඒක අපි අඩාල කරන්න ඕනේ. අඩාල කරන්න නම් කැලෑ කපනෝ, කියමින් විලාප දෙන්න ඕනේ.’ කියලා. සමහර රූපවාහිනී නාලිකා තිබෙනවා, හැමදාම කුමන හෝ කැලෑවක් කපනවා කියා බොරුවක් පෙන්වන. වනාන්තරයක් කියන්නේ වන සංරක්ෂණ හෝ වෙනත් කුමන හෝ නීතියක් මගින් ගැසට් කර තිබෙන එකක්. පෞද්ගලික ඉඩමක, වගා බිමක ගස් කිහිපයක් තිබිලා ඒක කැපීම, කැලෑවක් කැපීමක් නොවෙයි. නිදසුනක් ලෙස මේ රටේ පරිපාලන නගරය වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ විශාල භූමිභාගයක් කොහොඹ ශාකය වැවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් වෙන් කර දීම පෙන්වා දීමට පුළුවන්.
‘මේ අවලාදවලට නොරැවටෙමින් රටත් ආර්ථිකයත් බලගන්වමින් වැරදි නිවැරදි කර ගනිමින් අපේ ගමන යමු. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කෙරුමට කැපවෙමු!’ කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා  උපුටා දක්වපු ජේ.වී.පී. පරිසරවේදියෝ  “එෆ්බී“ ගිණුම “ෆේක්“…

Next Post

ටෙස්ලා කාර් එකට බිය වූ චීනයට ලොව ලොකුම ධනවතාගෙන් පණිවිඩයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.