අයවැය හිඟය පියවීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අනතුරුවලට ලක්වන වාහන සඳහා බද්දක් අය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැය යොජනා ඉදිරිපත් කරමින් පැවසීය.
රටේ බහුල වශයෙන් සිදුවන වාහන අනතුරු අවම කර ගැනීමටත් එය හේතුවක් වනු ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයේ විරෝධතා හඬ මධ්‍යයේය.
මුදල් අමාත්‍යවරයා ගේ යෝජනාවට අනුව මෙම බද්ද රක්ෂණය හරහා අය කිරීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී රථවාහන රක්ෂණ වාරිකවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.







