දිනසේන රතුගමගේ:
යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකටයුතු තරුණයින් විසි හය දෙනාගෙන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමටත් ඉතිරි විසි හතර දෙනා ජූනි මස 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමටත් යාපනය මහේස්ත්රාත් පීටර් පෝල් මහතා 17 දා නියෝග කළේය.
යාපනයේ ක්රියාත්මක වන කඩු කල්ලියක නායකයෙකුගේ උපන් දින උත්සවයකට සහභාගී වෙමින් සිටියදී යාපනය පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගන්නා ලද්දේ යාපනයේ මරදනාමඩම් ප්රදේශයෙනි.
සැකකරුවන් විසි හය දෙනාගෙන් දෙදෙනෙකු අපරාධ වලට සම්බන්ධ නොමැති බවත් ඔවුන් අයුතු රාශිගත වීම යන චෝදනාවට පමණක් වැරදිකරුවන් වී ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට දැණුම් දීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 10000 බැගින් වු මුදල් ඇප මත ඔවුන්ව නිදහස් කොට තිබේ.
තරුණයින් සතුව තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද යතුරු පැදි අට කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇත්දැයි සොයා බැලීම සදහා ඒවා තව දුරටත් පොලීසිය බාරයේ තබා ගෙන යාපනය පොලීසිය පරීක්ෂණ මෙහෙයවනු ලබයි.