ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකවීමට යන ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ආදායම් බලන්නන් විෂයෙහි නොව ඉහළ ආදායම් සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරමින් බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන වසර අවසන් වන විට අපේක්ෂිත රජයේ ආදායම ඉලක්කය දල දේශීය නිශ්පාදනයෙන් සියයට පහළොවකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තව දුරටත් දල දේශීය නිශ්පාදිතයෙන් සියයට එකයි දශම පහක ඉලක්කයක් ලබා ගත යුතු බවත්, මෙම ඉලක්කය ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදය දේපළ මත පදනම් වූ මෙම බද්ද බවත් එම අමාත්‍යාංශය පැහැදිලි කරයි.
.
එම බද්ද මගින් 2025 වසරේ දළ දේශීය නිශ්පාදිතයෙන් 0.2%ක් හා 2026 දී 0.4%ක් ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත බව මේ පිළිබඳව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයනයේ දැක්වේ.
මුදල් අමාත්‍යාංශය අනුව මෙම බද්ද පැනවීමට අදාල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එම අවශ්‍යතා සපුරාගෙන වර්ෂ 2025 අප්‍රේල් මස සිට මෙම නීතිය බලාත්මක කිරීමට රජය පේක්ෂා කරයි. .
නෛතික ක්රියාදායාම සම්පූර්ණ කිරීමට අමතරව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල් වැඩසටහනේ ලේඛන ප්‍රකාශයට පත් කිරීමත් සමග වර්ෂ 2023 මාර්තු මාසයේ දී මුල්වරට දැනුම් දුන් පරිදි තක්සේරු කිරීමේ යාන්ත්‍රණය මෙම යෝජිත බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත පදනම වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු පරිපාලනමය ක්‍රියාකාරකම් රැසක් සිදුකළ යුතුව ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි. .
මුදල් අමාත්‍යාංශය දක්වා ඇති පරිදි මෙය අලුත් බදු ක්‍රමයක් නොවේ. ශුද්ධ වාර්ෂික වටිනාකම ලෙස හැඳින්වූ මීට සමාන ආරෝපිත ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදයක් 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ ද ඇතුළත් වූ බව ඒම අමාත්‍යාංශය පවසයි.
රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායම් උපදවා ගතනොහැකි වීම සමස්ථ රටටම බරපතල තත්ත්වයක් ඇති කිරීම ආර්ථික අර්බුදය නැවත හැතිවිය හැකි බවට මෙම බද්ද ගැන සඳහන් කරන ගමන්ම මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම බද්ද සම්බන්ධව අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ මෙම බද්ද සුපිරි ආදායමක් සහිත පුද්ගලයින් අතලොස්සට පමණක් යැයි පනත් කෙටුම්පතේ නිශ්ඡිත සඳහනක් නැති බවත් මෙම බද්ද නිවාසයක ජිවත්වන සමස්ත ජනතාව වෙතම පවරන බද්දක් බවත්ය.
සිරස රූපවාහිනියේ අර්ථ තර්ක වැඩසහනට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව කොලේ වසා ගහන්නට හදන බව මෙම බද්ද හරහා උපයා ගන්නට අපේක්ෂිත ආදායමෙන් වැටහෙන බවය.
“ඉහළ ආදායම් ලබන අයට පමණක් මෙම බද්ද ගහනවා කියලා ඒකඟ වුන මුල් ගිවිසුමේ නෑ. යම් නිදහස්විමකට යටත්ව සියලුම ජීවත්වන නිවාසවලට හෝ ජිවත් නොවන නිවාස වෙත ආරෝපණය නොකල බද්දක් තමයි මේ අය කරන්නේ.
” තමන්ට කුලියට දිලා තියන නිවාසයක් තියනවා නම් කුලිය ලැබෙනවා. ඒ් ආදායමට බදු ගෙවනවා. ඒ් බද්ද ආරෝපණය කරන්න අවශ්‍ය නෑ. සියයට 0.2ක් කියලා බලාපොරොත්තු වන්නේ රුපියල් බිලියන 68ක්. 2026 දි මේක පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනවිට රුපියල් බිලියන 150ක් අපේක්ෂිතයි.
මේ ඒකතු කරන්න යන්නේ උපයන විට ගෙවිමේ බද්දට සමාන බද්දක්. ඉහළ වත්කම් තියන නිවාසවලට බදු ගහල රුපියල් බිලියන 150ක් හොයා ගන්න බෑ. ” ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.