-
කොවිඩ් කාලෙ වසංගතය හේතුවෙන් හෘදයාබාධයට ලක් වී මිය ගිය ගණනට සමාන සංඛ්‍යාවක් රටේ ආර්ථික අර්බුදය නිසා හෘදයාබාධවලින් නිවෙස් තුළ මිය යනවා….
-
බෙහෙත් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්… රෝගීන් බෙහෙත් බොන වාර ගණන අඩුවෙලා… ආතතිය වැඩියි.. පෝෂ්‍යජනක ආහාර නෑ… මරණ වැඩිවන බව බෝ නොවන රෝග ඒකකය කියයි…
කොවිඩ් වසංගතය පැතිර ගිය කාලය තුළ හෘදයාබාධවලින් මියගිය සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් රටේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් හෘදයාබාධවලට ගොදුරුව මියයෑමේ අවදානමක් පවතින බව බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් පවසයි.
කොවිඩ් පැතිරගිය කාලය තුළ දිනකට නිවස තුළ මියගොස් රෝහලට ගෙන එන රෝගීන්ගෙන් 10 – 15 අතර සංඛ්‍යාවක් හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරු වූ අතර වත්මන් අර්බුදකාරී ත්ත්වය හමුවේද එවැනි ප්‍රවනාතාවක් ඇතිවිය හැකි බව ඇය අවධාරණය කරයි.
ඖෂධවල හිඟය හා ඒවායේ මිල ගණන් අසාමාන්‍යලෙස ඉහළ යාම හේතුවෙන් බොහෝ රෝගීන් දෛනිකව ගන්නා ඖෂධ වාර ගණන අඩුකර ඇති බැවින් මෙම අවදානම මතුව ඇතැයි ඇය පෙන්වාදේ.
බෝනොවන රෝග හේතුවෙන් මිය යන පුද්ගලයින්ගෙන් සියයට 34ක්ම හෘදයාබාධ හේතුවෙන් මිය යන බවත් ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවත් වෛද්‍ය සමරකෝන් අනතුරු අඟවයි.
පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ ඇති ගැටලුව , මානසික අසහනකාරී තත්ත්වයන් , අර්බුද මැද ජීවත් වීමට සිදුවීම වැනි හේතුකාරණා පුද්ගලයින් බෝනොවන රෝග ඉහළ යාම හා අලුතින් ගොදුරුවීම තව තවත් ඉහළ යා හැකි යැයි බව අධ්‍යක්ෂකවරිය පෙන්වාදේ.







