බෙදා හැරීම් තොග කළමනාකරණය කරමින් ජාතික ඉන්ධන බලපත්‍රයට ඉන්ධන ලබාදීමත් සමග සති කීපයක් තිස්සේ නැතිවී තිබූ දිගු ඉන්ධන පොලිම් යළිත් මතු වී ඇති ඉන්ධන තොගවල හිඟය හේතුවෙන් ඇතිවෙමින් තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් අද (26) දිනයේ දී බස්රථ ධාවනයද සියයට 50කින් අඩු වූ බවත් දින තුනක සිට පෞද්ගලික බස් රථ ලංගම ඩිපෝ ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටින බවත් පුද්ගලික බස් රථ සංගම් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංගම ඩිපෝවල පවතින ඩීසල් හිඟයත් සමඟ ශ්‍රී ලංගම බස් රථ ධාවනයද හෙට දිනයේ සිට අඩාල වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩල ආරංචි මාර්ග පැවසීය.
මේ තත්ත්වය පැනනගින්නේ රාජ්‍ය සේවය යථාවත් කර පාසල් විවෘත කිරීමේ තීරණය ගෙන සතියක් තුළය.
ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාදීම සීමා කර ඇති බවය. පවතින ඉන්ධන ගැටලුවලට විසඳුම් ලෙස කටාර් රාජ්‍යය සමඟ ගිවිසුම්ගතව ඉදිරියේ දී මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හිරු පුවත් සේවයට පවසා ඇත.