ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිශ්පාදන යුක්තිය මෙහෙයුම යටතේ අත් අඩංගුවට නොගන්නා ලෙස ආයුර්වේද වෛද්‍යවරු ඉල්ලති.
ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා අද මාධ්‍ය හමුවක් කැඳවා පවසා සිටියේ නීත්‍යානුකූලව බලය ලත් ඖෂධ පවා නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙස සලකා යුක්තිය මෙහෙයුම යටතේ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.
වෛද්‍යවරයා මෙසේ කිවේය.
“අප දකින්නේ මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වගේම ආයුර්වේද වෛද්‍යවරයාගේ වෘත්තීය ගරුත්වයටත් යම්කිසි හානියක් වෙනවා. නීත්‍යානුකූළ අයිතියක් ඇති කණ්ඩායම්වලට අගතියක් නොවන ආකාරයට මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයයි. “
“එසේ නොමැතිනම් ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කංසා අඩංගු ඖෂධ අත් අඩංගුවට ගැනීම සිදුකරනවා නම්. “ ඔහු කීවේය.







