බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයතනයේ ලක්ෂ 300ක් හොරකම් කළ කම්බහොරු අතටම අහුවෙද්දීත් ආයුර්වේද ඖෂධ සංස්ථා සභාපතිනියගේ බලපෑමෙන් විමර්ශන නැවතිලා…

නීතිය හැමෝටම එකයි කිව්වට සංස්ථා සභාපති කෙනෙකුටත් නීතියට වංගු දමමින් නමන්න පුලුවන්... ආණ්ඩුවේ දැනගැනීම පිනිසයි!

by editor
ඔක්තෝබර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මෑතකාලීනව සිදු වූ රුපියල් ලක්ෂ 300 ඉක්ම වූ මුදල් වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් මේ වනවිට  ආරම්භ කර ඇති විමර්ශනය වත්මන් රජය විසින් එම සංස්ථාවට පත් කර එවා ඇති එම සංස්ථාවේ සභාපතිනිය සිය බලය අත්තනෝමතිකව යොදා ගනිමින් සිදුකරන බලපෑම් මත අතරමග නැවතී ඇතැයි ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.  

පරිගණක දත්ත පද්ධතිය වෙත අනවසරෙන් ඇතුල් වී එහි දත්ත වෙනස් කොට එකම වවුචරයට චෙක්පත් දෙක බැගින් නිකුත් කරමින් චෙක්පත් 13 කින් සිදු කරන ලද මෙම සොරකම සම්බන්ධයෙන්  අවස්ථා කීපයක දීම පාර්ලිමේන්තුවේ දී ද ප්‍රශ්න කර තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය 01 යටතේ  සිදුවනක මෙම විමර්ශනයේ දී     මුල් අවස්ථාවේ හෙළි වන්නේ  වංචාව  රුපියල් ලක්ෂ 270 ක් බවය. එහෙත්  මේ විට එය රුපියල් ලක්ෂ 300 ඉක්මවා සිදුව ඇති බවට තොරතුරු හෙලි දරව් කර ගෙන තිබේ.

විශේෂත්වය වන්නේ මෙම අපරාධය සම්බන්ධව මෙම අනීතික මුදල් බැරවීම් සිදුවූ බවට හඳුනාගත් ගිනුම් හිමි අදාල විෂය භාර නිලධාරියාත් ඔහුගේ බිරිය සහ නැගනියත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම මූල්‍ය වංචාව පසුපස ආයතනයේ මූල්‍ය කළමනාකාරවරයාත්, සාමාන්‍යාධිකාරීවරයාත්,   කළමණාකාර අධ්‍යක්ෂකවරයාත් සිටින බව අනාවරණය වී තිබීමය.  වංචා කළ ලක්ෂ 300ක මුදලින් තමන් වෙත ලැබුණේ සියයට 25ක් පමණක් බව ගිනුම් හිමි නිලධාරියා විසින් සිදුකළ පාපොච්චාරණය අනුව ඉතිරි ලක්ෂ 225 මෙම නිලධාරීන් තිදෙනා අතර බෙදී යන්නට ඇතැයි විමර්ශන අංශ වෙත සැක පහළ වී තිබිණි.

මෙම නීති විරෝධී චෙක්පත් සෑම එකකම අත්සන් දෙකක් තිබී ඇති අතර එක් අත්සනක් මූල්‍ය කළමනාකාරවරයාගෙ බවත් අනෙක් අත්සන් සාමාන්‍යාධිකාරීවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ බවත්  රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  පරීක්ෂණ  සිදු කොට නිශ්චිත තහවුරු කිරීම් සිදු කිරීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති නමුත් මෙම නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමක් සිදුකර නැතිවීම පුදුම සහගත තත්ත්වයක් බව එම සංස්ථා ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ඔහු පෙන්වා දෙන්නේ නීතිය සැමට එක යැයි කීවත් තවමත් ඇතැම් තැන්වල නීතිය බරපතල ලෙස නැවී වංගු ගසන ආකාරය සම්බන්ධව මේ සිදුවීම සාධක සපයන බවය.

වංචාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් සාක්ෂි සහිතව කරුණු සනාථ වී තිබියදීත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ සංස්ථා සභාපතිනීයගේ  ඉහළ පෙළේ  සම්බන්ධතා  හේතුවෙන් බවත් ඇය මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්ව සිටි බැවින් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් ගෙන යනු ලබන විමර්ශනය ද ඇයගේ මැදිහත්වීම මත අඩාල වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරිපුර පොලිසියට පැමිණි  තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් “අවවාද” කරලා… දෙදෙනාම රෝහලේ…

Next Post

නිල නිවසේ තිබෙන තමන්ගේ බඩු අඳුනගන්න මහින්දට බෑ ලු… විජයරාම නිල නිවස රජයට භාර දීම දින නියමක් නැතිව ඇදෙයි…

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.