බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල නිවසේ තිබෙන තමන්ගේ බඩු අඳුනගන්න මහින්දට බෑ ලු… විජයරාම නිල නිවස රජයට භාර දීම දින නියමක් නැතිව ඇදෙයි…

by editor
ඔක්තෝබර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත සැප්තැම්බර් දහවෙනිදා සම්මත වූ පසු   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි තම නිල නිවසින් වහාම පිටව ගිය ද එම නිල නිවස තවමත් රජයට භාරදීමට හැකියාවක් ලැබී නැත්තේ  හිටපු ජනාධිපතිවරයාට තමන්ගේ පෞද්ගලික භාණ්ඩත් රජයෙන් ලැබුණු භාණ්ඩත් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ  නිල නිවසෙන් ඉවත් වන විට  ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළේ විජයරාම නිල නිවස සතියකින්  රජයට භාර දෙන බවය. මේ වන විට සති තුනක් ඉකුත්වී තිබුනත් තවමත් එම නිවස රජයට භාරදී නැත.

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි   පහුගිය දෙවැනිදා විජයරාම නිවස භාරගැනීමට  පැමිණෙන  ලෙසට මනෝජ් ගමගේ නීතිඥවරයා  කළ දැනුම් දීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිලධාරීන් පිරිසක් එම නිවසට ගොස්  තිබේ.

එහිදී මනෝජ් ගමගේ රජයේ නිලධාරීන්ට පවසා ඇත්තේ  ජනාධිපති නිල නිවසෙන් හා  අගමැති නිල නිවසෙන් යන නිවාස  දෙකෙන්ම ගෙනා බඩු මෙහි ඇති බැවින් ඒවා රැගෙන ගොස්  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධපතිවරයාට අයත්  පෞද්ගලික භාණ්ඩ එහි තබා යන ලෙසය. නමුත් ඊට අදාළ කිසිදු ලේඛනයක් ඔහු සතුව තිබී  නැත.

රාජ්‍යයට අයත්  හෝ පෞද්ගලික හිමිකමට  භාණ්ඩ බාරගන්න ආකාරයෙන්ම ආපසු භාර දීමේදී ද   කළ යුත්තේ ලබාදෙන භාණ්ඩ පිළිබඳ ලේඛණ සහිතවය.  භාණ්ඩ භාරගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එම ලේඛනය සකසා භාරදිය යුතුය. ක්‍රමවේදය එයය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එහෙත් එවැනි ලේඛනයක් රහිතව   මහින්ද රාජපක්ෂ  රජයෙ නිල නිවාස දෙකක භාණ්ඩද විජයරාම   නිවසට රැගෙන විත් තිබේ. භාණ්ඩ පැටලිල්ලේ ගැටලුව උග්‍ර කිරිමට එයද හේතු වී තිබේ. දැන් ඔහුට මේ භාණ්ඩ ගොඩ අතරේ තමන්ගේ පෞද්ගලික භාණ්ඩ මොනවාදැයි හඳුනා ගත නොහැකි අර්බුදයක් මතුවී තිබේ.

ගැටලුව තවත් උග්‍ර වී ඇත්තේ නිශ්චිත ලේඛනයක් ඉදිරිපත් නොකර  ඒ නිසා රජයට අයත් භාණ්ඩ හඳුනා ගෙන ඒවා රැගෙන යන්නැයි රජයේ නිලධාරීන්ට දන්වමින් විජයරාම නිවස නිසි පරිදි භාර දීම කල් මැරීම බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආයතනයේ ලක්ෂ 300ක් හොරකම් කළ කම්බහොරු අතටම අහුවෙද්දීත් ආයුර්වේද ඖෂධ සංස්ථා සභාපතිනියගේ බලපෑමෙන් විමර්ශන නැවතිලා…

Next Post

අම්පාර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය වැඩ වර්ජනය නවත්වනවා ද අනෙක් දිස්ත්‍රික්කවල වෛද්‍යවරුත් පාරට බස්සනවා ද?. තීන්දුව සෞඛ්‍ය ලේකම් අතේ බව GMOA කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.