බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපුර පොලිසියට පැමිණි  තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් “අවවාද” කරලා… දෙදෙනාම රෝහලේ…

by editor
ඔක්තෝබර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිරිපුර පොලිසියේ නිලධාරියෙක් පොලිසියේ රථ වාහන අංශය තුළ දී  “අවවාද” කිරීම නිසා  තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. පසුගිය 02 දා නුවරගල ප්‍රදේශයේ දී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙක් සිරිපුර පොලිසිය විසින් නවත්වා තිබේ.  ලියකියැවිලි පරීක්ෂා කිරීමේ දී යතුරුපැදියේ රක්ෂණ සහතිකය කල් ඉකුත් වී ඇති බව පෙනී ගොස් ඇත. එම වරදට දඩ කොලයක් ලියා දී රක්ෂණ සහතිකය අලුත් කරගෙන එන ලෙස පොලිසිය තරුණයින්ට නියෝග කර තිබේ.

ඒ අනුව දඩ කොලය ගෙවා රක්ෂණ සහතිකයත් අලුත් කරගෙන සිය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට තරුණයින් දෙදෙනා සිරිපුර පොලිසියට ගොස් ඇත. එහිදී මෙම තරුණයින් දෙදෙනා පොලිසියේ “අවවාදය”ට ලක් වුන බව පොලිසිය කියයි.  මේ වනවිට තරුණයින් දෛනා  රෝහල් ගත කර ඇත.

තරුණයින් පවසන්නේ පොලිසිය තුළ දී තමන්ට පහත් ලෙස බැන වැදීමෙන් අනතුරුව අනතුරුව අමානුෂික පහරදීමකට ලක් කළ බවය. තුවාල ලැබූ තරුණයින් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස   රෝහල් ගත කර ඇත්තේ දමනේවැව නුවරගල අංක 294  ලිපිනයේ පදිංචි, 34 වියති කේ.වයි.ජී.  රුවන් සම්පත් සහ, පිහිටිවැව නුවරගල, අංක182 ලිපිනයේ පදිංචි 27 වියති එම්.ජී. ධනුෂ්ක නුවන් යන දෙදෙනාය.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

මෙම පහරදීම සම්බන්ධව තමන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ඊයේ ( 03 ) දහවල් පැමිණිලි කර ඇති බව රුවන් සම්පත්ගේ   පියා වන කේ.වයි.ජී. ගුණතිලක  සඳහන් කළේය.

එහෙත් මේ පිළිබඳව අප සිරිපුර පොලිස් ස්ථානාධිපති ජීී.ආර්.ජී නෙත්තසුරියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  ඔහු කීවේ මේ දෙදෙනාට පහර දී නැති බවත් අවවාද කර ඇති බවත්ය.

ස්ථානාධිපතිවරයා කියන්නේ  රක්ෂණ සහතිකය කල් ඉකුත්වී දඩයට යටත් කළ පුද්ගලයා සමග පැමිණි යහළුවා ජංගම දුරකථනයෙන් පොලිසිය තුළ වීඩියෝ කර ඇති බවත්, ඒ අනුව පොලිස් නිලධාරියෙකු මේ දෙදෙනාට  අවවාද කිරීමෙන් පසු    තල්ලු කර ඇති බවත්ය.

,මේ   පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බැවින්, පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති වැය ශීර්ෂය ගැන කරන සංසන්දනය තාක්ෂණිකවම සම්පූර්ණයෙන් වැරදියි… මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි!

Next Post

ආයතනයේ ලක්ෂ 300ක් හොරකම් කළ කම්බහොරු අතටම අහුවෙද්දීත් ආයුර්වේද ඖෂධ සංස්ථා සභාපතිනියගේ බලපෑමෙන් විමර්ශන නැවතිලා…

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.