ලලිත් චාමින්ද –
ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජය වහා ඉවත්වන ලෙස බලකරමින් සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණත්වය ඉටුකරණ ලෙස ඉල්ලමින් විශ්‍රාමික අබාධිත යුධ හමුදා නිලධාරින් දෙදෙනෙකු අද (01) පෙරවරුවේ ගෝඨාගෝගම ගාල්ල ශාඛාව ඉදිරිපිටින් ගාලුමුවදොර දක්වා පාගමනක් ආරම්භ කළහ.
දින පහක කාලයක් තුළ මොවුන් ගාලුමුවදොර අරගල භුමියවෙත ළගාවිමට සැලසුම්කොට ඇත.
මෙම අවස්ථාවට අදුරත්විල චන්ද්‍රජෝති හිමියන්ද එක්ව සිටිති.







