සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආන්දෝලාන්ත්මක කන්ටේර්න 323 තිබුණ බඩු තොගය රේගුව හෙළිදරවු කරයි…

අර්චුනා මන්ත්‍රීවරයාගේ ආයුධ කතාවට අදාල ආයතන කටයුතු කරයි... මම වගකීමකින් කියන්නම්. ඒ කන්ටේනර්වල ආයුද තිබ්බෙ නෑ... රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරයි...

by editor
ජූනි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනයට ලක් වූ නීති විරෝධීව නිදහස් කළ බවට චෝදනා ලද බහාලුම්වල නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවත්, එම බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තොග බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ අද (08) මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරවු කළේය.

අවදානම් කළමනාකරණ ක්‍රමවේදය හරහා තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව තීන්දු කරන්නේ රේගුව විසින් බවත්,  මේ ක්‍රමවේදය තුළ රටට ගෙන්වන බහාලුම්වලින් සියයට 60ක්ම පූර්ව තක්සේරු ක්‍රමවේදයක් තුළ පරීක්ෂා නොකර මුදා හැරීම සාමාන්‍ය දෙයක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකරවරයා අනාවරණය කළේය.

“බහාලුම් සියයට 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. ” මාධ්‍ය ප්‍රකාශවරයා පැහැදිලි කළේය.

නමුත් ආන්දෝලනයට ලක් වුන මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුවන බැවින් ඒ සම්බන්ධව අදාල සියලුම තොරතුරු එම විමර්ශන අංශ වෙත භාර දී ඇති බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අවරධාරණය කළේ මේ නිදහස් කිරීම පසුපස තුන්වන පාර්ශවයක බලපෑමක් නොමැති බවය.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මෙසේ පැවසුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි අඩංගු වෙලා තිබුණේ. මේ බහාලුම් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් තමයි ගොඩක්ම. ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා.

මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ.

පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා… ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක.

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.

2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම් ගැනනේ මේ කතා බහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් හිටියා. රේගු සටහන් අංක 234ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුළින් අපි බහාලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මගින් ඔටෝ නිදහස් වෙච්ච ඒවා. එතකොට මේ කමිටුව මගින් 309යි අපි නිදහස් කළේ.

එතකොට ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම් ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා.

අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ කියලා. මම කළින් කියුවා වගේම 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැංගිලා කළ හොර බිස්නස් ඉවරයි… සමාගමක සැඟවුන හිමිකරුවන් ගැන තොරතුරු ජනතාවට ලබා ගත හැකි සංශෝධනයක් සමාගම් පනතට එකතු වෙයි!

Next Post

දිඹුලාගල ඇල්ලේවැවේ දිය නෑමට ගිය 4 දෙනෙක් දියේ ගිලී මිය යයි…. මවක් සහ දියණියක් මිය ගිය අය අතර…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.