දිනසේන රතුගමගේ
කැනේඩියානු මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුතෙකු වන ජෙරී ආනන්ද සංගරී ජයග්‍රහණය කොට මන්ත්‍රී ආසනයක් දිනාගෙන තිබේ.
ලිබරල් පක්ෂයෙන් කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයෙන් තරග කළ තරග කළ ජෙරී ආනන්ද සංගරී ඡන්ද 23901 ක් ලබාගෙන මන්ත්‍රී ධූරය හිමිකර ගෙන තිබේ.
කැනේඩියානු මැතිවරණයේදී දෙමළ සම්භවයක් ඇති ඉන්දියාවේ පංජාබයෙන් කැනඩාවට ගොස් සිටින ඇනීටා ආනන්දී නැමැත්තියටද මන්ත්‍රී ආසනයක් හිමි වී ඇත.
පසුගිය සතියේදී නෝර්වේ මහ මැතිවරණයෙන් යාපනයේ උපත ලද කම්ශායිනී ගුණරත්නම්ද නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වශයෙන් තේරී පත් වී තිබුණි.