ටෙන්ඩර් කැඳවීමකින් තොරව කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇති කර තිබෙන විසංවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට අග්රමාත්ය මහින්ද රාජපක්ෂ එම පක්ෂ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් අද ( 22) කැඳවා තිබේ.
එම සාකච්ඡාව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් ඊයේ (21) හිටපු ජනපති, ශ්රී ලංකා නිහස් පක්ෂ නායක මෛත්රීපාල සිරිසේන සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.
ඉන් පෙර ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ රැස් වූ මෙම හවුල්කාර පක්ෂ නායකයින් අදාළ ගිවිසුම නිසා මතුවී ඇති තත්වය සාකච්ඡා කර ඒ පිළිබඳව ස්වකීය මතය අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත දැන්වීමට තීරණය කර තිබුණේය.