සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව හදන්නෙ රත්තරං බිජු දමන කිකිළිය මරන්න… මහාචාර්ය ජනක් කුමාරසිංහ.

by editor
ඔක්තෝබර් 13, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ආණඩුවේ බදු ප්‍රතිපත්තිය රත්තරන් බිත්තර දමන කිකිළියගේ බිජු එක්වර ගැනීම සඳහා එම කිකිළිය මරා දැමුවා හා සමාන මුග්ධ තීන්දුවක් බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි.

මෙතෙක් ඍජු බදු අනුපාත ක්‍රියාත්මක වුණේ 6%, 12% සහ 18% වැනි කාණ්ඩවල වුවද  මෙවර 6%, 12%, 18%, 24%, 30%, සහ 36% දක්වා වැඩිකර තිබෙන බව මහාචාර්යවරයා පැහැදිලි කළේය.

බදු පැනවීමක් රැකියා නියුක්තියට සහ වියුක්තියට   ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කෙරෙහිත් රටේ පොදු ජනතාවගේ පරිභෝජනය කෙරෙහිත් බලපාන බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉන් එක් අංශයක් ගැන පමණක් අවධානය යොමුකර කරන බදු වැඩිකිරීම රටේ බරපතල ආර්ථික අර්බුදයක් ඇති කරන බව පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය  විසින්  කැඳවූ  විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික,මහාචාර්ය ජනක් කුමාරසිංහ එහිද ී මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Janak-Kumarasinghe
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ

මේ තීරණාත්මක මොහොතේ 2017 අංක 27 දරන ආදායම් බදු පනත සංශෝධනය කිරීමෙන් අපේ ආර්ථිකයට සිදුවිය හැකි තත්වයන් පිළිබඳව යම් පුරෝකථනයක් ලබාගත යුතුයි.

ලෝකයේ ඕනෑම රජයක් තමන්ගේ ආදායම් ලබාගන්නා ප්‍රධාන මාර්ගය හැටියට බදු යොදා ගන්නවා. අපේ රටේ බදු සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත් සහ ඒ මගින් ලබාගන්නා ආදායම්, වියදම් පිළිබඳව කතා කරද්දී බොහෝ පරෙස්සම් වෙනවා. නව බදු පැනවීම තුළ ආර්ථිකයේ අනිකුත් එකිනෙකට සම්බන්ධ විචල්‍යයන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. උදාහරණයක් හැටියට බදු පැනවීමක් රැකියා නියුක්තියට සහ වියුක්තියටත් බලපානවා. ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කෙරෙහිත් රටේ පොදු ජනතාවගේ පරිභෝජනය කෙරෙහිත් බලපානවා.

මෙයින් මා කියන්නේ එක් විචල්‍යයක වෙනස් කිරීමක් සමස්ත ආර්ථිකයේම හැසිරීමට බලපාන බවයි. බදු වෙනස් කිරීම් කරද්දී හොඳ අවබෝධයකින් කළ යුතුයි. නමුත් නව බදු වැඩිකිරීමේ එකම අරමුණ කෙසේ හෝ භාණ්ඩාගාරයට මුදල් එකතු කර ගැනීම බව පැහැදිලි වෙනවා. එතනින් එහා ආර්ථිකයේ අනෙකුත් විචල්‍යයන්ට සිදුවිය හැකි බලපෑම ගැන අවධානය යොමු කළාද කියන එක බරපතළ ප්‍රශ්නයක්.

මේ බදු අයකරගැනීම හරියට රත්තරං බිජු දමන කිකිළිය විනාශ කිරීම හා සමාන තත්වයක්.

අධි උද්ධමනය නොසලකා ගහන බද්ද

මෙතෙක් ඍජු බදු අනුපාත ක්‍රියාත්මක වුණේ 6%, 12% සහ 18% වගේ කාණ්ඩවල. මෙවර 6%, 12%, 18%, 24%, 30%, සහ 36% දක්වා වැඩිකර තිබෙනවා. වෙනදා ලක්ෂ තුනක් මාසිකව ආදායම් ඉපයූ පුද්ගලයෙක් වාර්ෂිකව රුපියල් 36,000ක බදු ගෙවීමේ බැඳියාවක් තිබුණත් දැන් එය රුපියල් 420,000 දක්වා වැඩිකර තිබෙන්නේ මේ ප්‍රතිශත අනුවයි.

සියලුම ආදායම් කෙසේ හෝ රජයට එකතු කර ගන්න දරන උත්සාහයක් මෙයින් පෙනෙනවා. මාසික පඩි ලබන අය මෙයින් දැඩි පීඩනයකට ලක්වෙනවා. නිල සංඛ්‍යා ලේඛන අනුව උද්ධමනය 95% දක්වා තිබීම ගැන නිසි අවබෝධයකින් තොරව පොදු ජනතාවට බලපාන ව්‍යසනකාරී සියලු ආර්ථික විචල්‍යයන් පවතින අතර මේ ලෙස බදු වැඩිකර තිබෙනවා. සරල වශයෙන් කියනවා නම්, උද්ධමනය තුළ පවා මාසික වැටුප් ලබන්නන්ගෙන් 36%ක ඍජු බදු ආදායමක් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.

මේ තත්වය තුළ උභතෝකෝටියක් පවතිනවා. ආණ්ඩුව ලෝකයට කියන්න උත්සාහ කරන්නේ පහළ මැදි ආදායම් තත්වයේ සිට අඩු ආදායම් තත්වයට පහත හෙළන්න කියලයි. ලෝකය හමුවේ අපිව දුප්පත් කියන්න උත්සාහ කරන ආණ්ඩුවම ලංකාව තුළ කටයුතු කරන්නේ දුප්පතුන්ගෙන් උපරිම බදු ලබාගන්නයි. ආර්ථිකය මෙහෙයවීමේදී සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීතාවයක් මේ ලෙස ප්‍රදර්ශනය වෙනවා.

ව්‍යාපාර විනාශ කරන  බදු ගැහිල්ල

අපි දුප්පත් නම්, ආණ්ඩුව කළ යුත්තේ ආර්ථිකය ඉහළ නංවන්න ක්‍රියාශීලීව කටයුතු කිරීමයි. නව  ආයෝජන අවස්ථා උදාකර දීමයි. නමුත් ව්‍යාපාර අලුතින් පටන් ගැනීමට ලබාදී තිබූ අවස්ථාවන් පවා අහිමිකරමින් බදු පනවා තිබෙනවා.

ධීවර කර්මාන්තයට සම්බන්ධ බෝට්ටු නිෂ්පාදනය ස්ථාවර වනතුරු යම් බදු සහන කාලයක් ලබාදීම උදාහරණයක්. නමුත් අද ඒ ව්‍යාපාරයත් පටන් ගත් වහාම බදු ගෙවිය යුතුයි කියන තැනට ඇදදමා තිබෙනවා.

මේ නිසා නව ව්‍යාපාර පටන් ගැනීම අධෛර්යමත් කරනවා. පසුගිය කාලය පුරාම නව ආදායම් සහ අලුත් ව්‍යාපාර ආරම්භ කර නොගත් මේ ආර්ථිකය ඉදිරියේදීත් හකුළාදමා තිබෙනවා. ඒ වගේම එදා ලක්ෂ තුනක ආදායම් ලබාගෙන රුපියල් 36,000ක බදු ගෙවා ඉතිරිය ආයෝජනය කිරීමේ හැකියාවකුත් යම් ප්‍රමාණයකට පැවතුණා.

අනික් පැත්තෙන් ඔවුන් ආයෝජනය නොකළත් භාණ්ඩවලට ඉල්ලුම් කළාම අපේ ආර්ථිකයේ නිෂ්පාදන වැඩිකර ව්‍යාපාර ප්‍රසාරණය කිරීමට හේතු වෙනවා. නමුත් මේ තුළ භාණ්ඩවලට ඉල්ලුම අඩුවුණාම අලුත් ව්‍යාපාර ප්‍රසාරණය වීම සම්පූර්ණයෙන්ම නතර  වෙනවා.

ආර්ථිකය ඍණ අගයක තිබීම තව තවත් කඩා වැටෙන්න, ආර්ථිකය තව තවත් හකුළුවාලන්න හේතු වෙනවා. මේක හරියට ජනතාවගේ බෙල්ල මිරිකාගෙන හුස්ම ගන්න කියනවා වගේ වැඩක්.

ඇත්තටම ආණ්ඩුව කළ යුතුව තිබුණේ නව ආදායම් මාර්ග ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමයි. රජයේ ආදායම් වැඩිකර ගැනීම වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ වියදම් අවම කර ගැනීමත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන්නේ ආදායම් වැඩිකර ගැනීම කෙරෙහි පමණමයි. වියදම ගැන කිසිසේත්ම අවධානය යොමු කර නැහැ. වියදම් කළමනාකරණයේදී ඉහළ සිට ආදර්ශයන් දිය යුතුව තිබුණා. නමුත් තවමත් වංචා, දූෂණ සිදුකරන අතර, වියදම් අඩුකර ගැනීම කෙරෙහි කිසිම අවධානයක් නොදැක්වීම බරපතළ ප්‍රශ්නයක්.

බදු ගෙවිය හැකි අය තව තවත් අමාරුවේ දැමීම පමණක් සිදුකර තිබෙනවා. මේ සියලු දේවලට හේතුව අහිංසක ජනතාව නොවෙයි. ප්‍රශ්නය ඇති කළ පුද්ගලයන් විසින් ප්‍රශ්නයේ බර නැවතත් ජනතාව මත හෙළා තිබෙනවා.

මහජන ධනය වංචා, දූෂණ සිදුකළ අය බේරාගනිමින් සියලු බර ජනතාව මත පටවා ඉදිරි කාලය කෙසේ හෝ බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බව අපට පෙනෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගා ලිඳට වැටුණු වන අලි පැටවා… (වීඩියෝ සහිතයි)

Next Post

අත්අඩංගුවට ගෙන  ආයුධ පෙන්වීමට ගෙනයද්දී  එස්.ටී.එෆ්  වෙඩි පහරින් අහුංගල්ලේ වෙඩික්කරු මරුට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.