සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආණ්ඩුව දැන්වත් බොරු නවත්තලා ආපු රටවලටම ආපහු යන්න”- මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ කුමන ප්‍රශ්නය ආවත් ‘අද ගොඩ වෙදා තීයරියට ආණ්ඩුව වැඩ කරන බවත්, ලෙඩේ කුමක් වුවද එකම බෙහෙත වන කාර්ය සාධක බළකා පත්කරන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ල‍ිමේන්තුවේදී පැවසීය.

හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඊයේ පැවති විවාදයේදී හෙතෙම වැඩිදුරටත් මේ බව කීය.

“අද වසංගතය මර්ධනය කිරීමට මිනිස්සු මර්දනය කරන පනත් තමයි අනුමත කරගෙන තිබෙන්නේ. වසංගතයට කිසිම පනතක් ගෙනත් නැහැ අවුරුදු එකහමාරකට. මිනිස් ඉතිහාසයේ වසංගත මර්දනය කරලා ජීවිත රැක ගෙන තිබෙනවා. ඒ වසංගතය සමඟ සටන් කරලා මිසක් අණපනත් ගෙනැල්ලා මිනිස්සු මර්දනය කරලා මේක කරන්නට බැහැ. අපේ ප්‍රමුඛත්වය ලැබෙන්න ඕන වසංගතය මැඩීමට. නිසි කලට නිසි තීන්දු නොගෙන මොකටද මේ මර්දන අණපනත් ගිහින්නෙ හදිසි නීතියෙන් පුළුවන්ද දවසකට මියයන යන දෙසීයෙන් එක්කෙනෙක්වත් අඩු කරගන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අපි කියනවා ඔබලා මේ දරුණු සෙල්ලමක් කරන්නේ. කරුණාකර ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතාව නොමග යවමින් මේ කරන්නේ මාරාන්තික සෙල්ලමක්.

අත්‍යවශ්‍ය සේවා සැපයීම් හා හදිසි නීතිය අතර තියෙන තියන සම්බන්ධය මොකක්ද? හරියට අල හොදි බෝල්ට් ඇණයි එකට දානවා වගේ වැඩක් මේක.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කරන්න තිබුනේ හදිසි නීතිය පැනවීම නෙමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමයි. ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ. ඊළඟට ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවක් පත්කරන්න තිබුණා. සභාපති ජනාධිපතිතුමා. උප සභාපති අගමැතිතුමා. මුදල් අමාත්‍යවරයා සිට අමාත්‍යවරුන් විස්සක් විතර ඊට පත් කරන්න පුළුවන්. මේක තමයි කදිම යාන්ත්‍රණය. ව්‍යසනය සම්බන්ධ මුදල් පවා කළමනාකරණ කරන්නේ මේ කමිටුව හරහා. ඖෂධවල ඉඳලා ඇන්ටිජන් දක්වාම කතා අහන්න වෙලා තියෙනවා අද.

අද ගොඩ වෙදා තියරියට තමයි ආණ්ඩුව වැඩ කරන්නේ ලෙඩේ මොකක් උනත් එකම බෙහෙත දෙන්නේ. කොයි ප්‍රශ්නේ ආවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා. corona, කාබනික පොහොර, ආර්ථිකය ගොඩනගන්න විතරක් නෙවෙයි පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්නටත් කාර්ය සාධක කාර්ය සාධක බළකායක් පිහිටවනවා. සහෝදරයන් දෙන්නෙක් දානවා ඥාති පුතෙක් දානවා. විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප කිහිපදෙනෙක් දානවා. ඔය තවත් කාගේහරි කවුරුහරි කිහිප දෙනෙක් ඕකට දානවා. කාර්ය සාධක බලකාය කියලා පිහිටවනවා. හැබැයි එකකින්වත් වැඩක් වුණා කියලා අහන්න ලැබෙනවා ද? සාකච්ඡා තියනවා සන්දර්ශන තියෙනවා පම්පෝරි ගහනවා. එකකින්වත් වැඩක් වෙලා තියෙනවද? මේ කාර්ය සාධක බලකා දැමීම ගැන අනතුරු ඇඟවීමක් කරන්නත් ඕනේ. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේක ජනාධිපති වෙලා ඉන්න යන්නේ තවත් ජනාධිපතිවරු මේකට එන්න යනවා. මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. ආයතන යාන්ත්‍රණ තිබියදී අහසින් විශේෂ කාර්ය සාධක බලකා ගෙනත් දාල. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය ආයතන තිබෙනවා. මේ සියල්ල අතාර්තික කරන කටයුත්තක් තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සීමිත ජුන්ටා තීරණවලට යන එක සුදුසු නැහැ. විශේෂඥයන් පැත්තකට දාන්න එපා විෂය ගැන කිසිම අවබෝධයක් නැති පිරිස් විධාන දෙනවා.

දැන් මේ බොරු නවත්තලා ගෙදර යන්න.. ආපු රටවලටම යන්න. අපිට තියෙන්නේ මේ රට විතරයි! අපි අපේ ජනතාව සමග එකතුවෙලා රට නැවත මුල සිට ගොඩ නගනවා” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන සිකුරාදාට පෙර ලංකාවේම හාල්, සීනි මිල බස්සන වැඩ පටන් ගත්තා – රාජ්‍ය ඇමති ලසන්ත කියයි

Next Post

පුතා එවූ කෝටි දෙකක් සල්ලි යාපනේ වැසියන්ට බෙදමින් සිටි පියා අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.