පොහොට්ටුවේ කැබිනට් ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු සමාජිකයන් 15ක පමණ පිරිසක් ඇතුළු දැනට ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු සාමාජිකයන් 40ක පමණ කණ්ඩායමක් විපක්ෂයත් සමග විශේෂ සාකච්ඡා පවත්වමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
පොහොට්ටුවේ සාමාජිකයන් තනි තනි පුද්ගලයන් වශයෙන් සහ කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණ පවතින තත්වය සහ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡාවට කීපයක් පවත්වා ඇති බවත් විපක්ෂය වෙනුවෙන් ඒ අවස්ථාවට එක් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර බවත් හෙළි වේ.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විපක්ෂය සමග දීර්ඝ සාකච්ඡා මාලාවක සිටින බව දැනගන්නට ඇත.