අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලනයට ගැති වී සත්‍ය පාවා දෙන්න එපා… කාදිනල්තුමෝ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලති!

by editor
ජනවාරි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

මහා බලයක් දරාගෙන සිටින බව පෙනෙන    කිසිම දේශපාලකයෙක් සදාකාලික නැති බවත්, ඔවුන් සේම ඔවුන්ගේ පක්ෂ මතවාද අලු දුහුවිලි වී පසට මසුවන බවත් පවසන  කොළඹ අගරදගුරු  මැලක්ම් කාදිනල්  රන්ජිත් හිමිපාණන්න සත්‍ය වෙනුවෙන් පෙනී නොසිට ඔවුන්ගේ දේශපාලන න්‍යාය ධර්මයන්  වපුරා සමාජ චින්තනය විකෘති කරන මාධ්‍යය ද ඔවුන් සේම  අලු දුහුවී පසට එක්වීමට නියමිත බව කීහ.බොහෝ මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට නොව,  සත්‍ය වසන් කර රට පාලනය  කරන දේශපාලකයින්ගේ චින්තනය අනුව සමාජය විකෘති කරන්නට බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ආණ්ඩුවේ දේශපාලන මතය වෙනුවෙන්ම පෙනී සිටින ආණ්ඩුවේ දේශපාලකයින්ගේ අවශ්‍යතාවයට අනුවම පාලකයින් පත් කරන එක්තරා පුවත්පතක  කඩදාසියේ වටිනාකමවත් නැති බව පැවසූ උන්වහන්සේ මේ සමාජයේ  සත්‍ය   පාවා දෙමින් ඇතැයි  පැවසූහ.

වර්බුන් ටී.වී නාලිකාවට වසර හතක් පිරීම නිමිත්තෙන්  රාගම ශාන්ත පේදුරු පාවුලු දෙව් මැදුරේ ඊයේ (29)  පැවති  විශේෂ දේව මෙහෙයක දී කාදිනල් තුමෝ  මේ බව ප්‍රකාශ කළහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද කීහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“බොහෝ මාධ්‍ය ආයතනය පාලනය වන්නේ පාලකයන්ගේ චින්තනය අනුව.  මේ තත්වයේ දී සමාජයේ සත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. සමාජය තුළ සත්‍යයට ස්ථානයක් නැති වෙනවා නම්  ඒ නැතිවෙන  තරමට  මාධ්‍ය සත්‍ය  වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන මාධ්‍ය මෙහෙයවනවා නම් ඒක අසාධාරණයි. ඇත්ත හොයලා දැනුම්වත් කිරීමයි කළ මාධ්‍ය මගින් කළ යුත්තේ. “

“එහෙත් අපට පෙනෙනවා සත්‍යයට ඉඩක් නෑ.  සත්‍ය පාවා දෙමින් තිබෙනවා.  නිදහසක් නෑ ඇත්ත හොයන්න. තමන් ට අවශ්‍ය  දේවල් විතරයි පල කරන්නේ.  සත්‍ය වසන් කිරීමේ වැඩපිළිවෙළක්  සමාජය තුළ දියත් වෙමින් තියනවා.“

එක්තරා පුවත්පතක් තියනවා.  ඒ පුවත්පත් ආයතනය රජයේ දේවල් පමණයි ලියන්නේ.  රජයෙන් තමයි ඒ ආයතනය  පරිපාලනයට පත් කරන්නෙ.  ඒ තත්වය තුළ   රජයේ දේශපාලන න්‍යාය ධර්මයට ගැතිකම් කියන අය විතරයි ඒ පත්තරේ ගන්නෙ. කඩදාසි කෑල්ලෙවත් වටිනාකමක් ඒ පත්තරේ  නෑ. මේක මිනිස් සමාජයට කරන අගෞරවයක් . ඇත්ත බොරුව කරලා විවිධ වාර්තා කරලා මිනිස්සුන්ගේ මනස විකෘති කරලා  සමාජය තුළ නොයෙක් ප්‍රශ්න ඇතිකිරීමටයි මාධ්‍ය පාවිච්චි කරන්නෙ. ඒක දැන් ඇතිවන තත්වය අනුව ඛේදවාචකයයක්.“

ඉතිහාසය පක්ෂග්‍රාහීව කටයුතු කරන අය    දියවෙලා යනව. හැමදාම ඉන්නෙ නෑ. නායකයොත් දියවෙලා යනවා. බලය කොච්චර තිබුණත්. දවසක ඒ ඔක්කොම පසට හැරෙනවා,  දූවිල්ට හැරෙනවා. අලුවලට හැරෙනවා. ඒ අය මත පදනම කරගෙන ඒ ගේ න්‍යාය ධර්ම ආරක්ෂා කරන්න මාධ්‍ය කටයුතු කළොත් මාධ්‍යයටත් වෙන්නෙ අන්න ඒ ටිකමයි.

“යම් කිසි සිදුවීමක් සිදුවුනාම ඒ සිදුවීමට රජයෙන්  ඉදිරිපත් කරන අර්ථකතනය, විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරන අර්ථකනය, වෙනත් පක්ෂයක අර්ථකථනය විතරක් සත්‍යයි කියලා ප්‍රකාශ කළොත් ඒ මාධ්‍යය වැඩිකල් ඔරොත්තු දෙන්නෙ නැති බව ප්‍රකාශ කරන්නට ඕන.“

අද අපේ සමාජයට අත්‍යාවශ්‍යයයි  අවංකකම. ඇත්ත කියන්න පුදුරු වෙන එක. ඇත්ත වහලා  බොරුව රජ කරන්ට රජයක්, විරුද්ධ පක්ෂයක්, තවත් පක්ෂයක්, තවත් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒක එළියට දැමීම නිදහස් මාධ්‍යයේ  සැබෑ වගකීම විය යුතුයි. ජනතාවට සත්‍යය ප්‍රකාශ කරන්නට බය නොවිය යුතුයි.

මොකද සත්‍ය වහන්න බෑ.  කවදා හරි දවස සත්‍ය එළියට එනවා. එදාට සත්‍ය බොරුවක් කළ අයගේ නිරුවත එළියට එනවා.

ලංකාවේ ජනමාධ්‍ය කරුවන්ට ගෙන් මා ඉල්ලා සිටින්න කැමතියි කවදාවත් සත්‍ය හංගන්න  උත්සාහ කරන්න එපා. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න. ඇත්ත කියලා පැත්ත ගියත් දහිරියවන්තම කටයුතු කරන්න. එය තමයි අද ශ්‍රී ලංකාවේ සමාජයට කරන්න පුලුවන් මාධ්‍ය කරුවන්ගේ ප්‍රධාන සේවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ වෙන්දේසිවන ඉන්දීය ධීවර යාත්‍රා 105ට  තමිල්නාඩු මහ ඇමතිගෙන් ධීවරයන්ට වන්දියක්

Next Post

නැති අර්බුද රැසක් හැදෙයි… ජලයෙන් විදුලිය සීමා කරන්න ! මහවැලියෙන් විදුලියට දැන්වීමක් !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.