ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සඳුදා කතා නායකවරයා වෙත භාර දීමට විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත.
විශ්වාසභංගයට අත්සන් තැබීම අද (08) ආරම්භ කළේය.
සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් විශ්වාසභංගයට අත්සන් ගැනීම ආරම්භ කළ ද විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව නියෝජනය කර ස්වාධීන වූ පක්ෂ දහය ඒ සඳහා පූර්ණ එකඟතාවය පල කර ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන අනෙක් පක්ෂ සමග විශ්වාසභංගයට සහයෝගය ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
විශ්වාසභංගයට බහුතරයටත් වඩා සංඛ්‍යාවක් ඇති බැවින් කිසිම ගැටලුවක් ඇති නොවන බවත්, නියත වශයෙන්ම එය ජයග්‍රහණය කළ හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේය.







