ඊයේ හෝ අද දෙදින තුළ දිවුරුම් දීමට සැලසුම් කර තිබූ ඇමති මණ්ඩලය පත්කිරීම ලබන සතියට කල් ගොස් තිබේ.
මෙම කල්ගතවීමට හේතුව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මතුවූ මත ගැටුමක් බව වාර්තා වී ඇත
පිරිසක් අමාත්‍ය මණ්ඩලය පත් කර වහාම රටේ වැඩ කටයුතු ආරම්භ නොකළහොත් තත්වය තවත් පාලනය කරගත නොහැකි තත්වයට පත්වනු ඇති බව කියද්දී තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ තත්වය තුළ ආණ්ඩුවේ මේ කණ්ඩාම තුළින්ම ඇමති මණ්ඩලය තොරා ගැනීම ජනතා විරෝධය වඩාත් තීව්‍ර වනු ඇති බවය.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ විපක්ෂය යෝජනා කරන සභාග රජය සඳහා ඉඩ හළ යුතු බවය.
කෙසේ වෙතත් ලබන සතියේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බව කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.







