අද (12) දහවල් අහුන්ගල්ලේ දී සිදු වූ ඝාතන තැත මත්කුඩු ජාවාරමක් සම්බන්ධව ඔත්තු දුන් බවට සැක කරන පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුවී ඇති බව විමර්ශන අංශ හෙළිදරව් කරගෙන තිබේ.
මීට මාස එකහමාරකට පෙර අහුංගල්ලේ දී ත්‍රීවිල් රථයකට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට තැත් කර තිබිණි. ඒ ඝාතනයට උත්සාහ කර තිබුනේ අද ඝාතනයට තැත් කළ පුද්ගලයාට සමීප මිත්‍රයෙකි.
ටී 56 ගිනි අවියක් රැගෙන අද පැමිණි ඝාතකයාට ඝාතන තැත වැරදී තිබුණේ වෙඩික්කරුවා සමග පොර බැදීමට ඝාතනයට ඉලක්ක වූ පුද්ගලයා ඉදිරිපත් වීමත් සමගය.
සිද්ධියේ දර්ශන සියල්ල සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි.







