ශ්‍රියානි විජේසිංහ –
අසාත්මිකතා ඇතිකළ ඖෂධය සම්බන්ධයෙන් වාර්තතාව නිකුත් වීමට පෙර එය සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව නිකුත් කිරිම බරපතල අඩුපාඩුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අසාත්මිකතාව ඇතිකළ ඖෂධය පිලිබඳව නියමිත වාර්තාව නිකුත් කළ පසුව අදාල ඖෂධ සමාගම, ඖෂධය මෙරටට ගෙන්වූ නියෝජිතයා , ඖෂධය නිර්දේශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි නමුත් මෙම වාර්තාව නිකුත් නොකිරිම තුළ එවැනි නීතිමය පියවරයන් ගත නොහැකි යැයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් නම් ඒ පිලිබඳව විමසීමට මෙරට රසායනාගාරයන් තුළ පහසුකම් නොමැති බවත් ඒ සදහා ඔිස්ට්‍රේලියාවට හෝ සිංගප්පූරුවට යැවිය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.
ඒ අනුව මෙම වාර්තාවෙන් අපේක්ෂා කළ අරමුණ ඉටුවී නොමැති බැවින් මෙය පිළීගගත නොහැකි යැයිද සංගමය අවධාරණය කරයි.







