බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොදුජන පෙරමුණේ අය මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියලා 13 ගැන කතා කරගන්න… ඒක මට වැඩක් නෑ…. ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
අගෝස්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ යෝජනා මාලාව ගෙන එන්නේ ආණ්ඩුවෙන්ද, එසේත් නැතිනම් ජනාධිපතිවරයාගේ පුද්ගලික යෝජනාවලියක් ලෙස ද යන්න පැහැදිලි කරන ලෙස විපක්ෂය අද (09) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ   ප්‍රශ්නය මතුකරමින් ජනාධිපතිවරයාට  කියා සිටියේ මෙම යෝජනා මාලාවට ප්‍රගතිශීලි ලෙස සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සූදානම්  නමුත් ඊට පෙර ආණ්ඩු පක්ෂය මෙම යෝජනාවලියට කැමති ද නැද්ද යන්න පිළිබඳව විමසා එකඟතාවයකින් යුතුව එය ඉදිරිපත් කරන ලෙසය.

තමන් එසේ පවසන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවන් සඳහා එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙමිනි.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කෙළින්ම ජනාධිපතිවරයාට කීවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ලැබුණු ජනවරම යොදාගෙන පාර්ලිමේන්තුවේ 134ක ඡන්ද බලයෙන් ජනාධිපතිවූ ජනාධිපතිවරයා හැට නව ලක්ෂයක ජනවරම අවභාවිතා කරමින් මෙවැනි යෝජනාවක් ගෙන ඒම ලජ්ජා සහගත බවය.

අතුරලියේ රතන හිමියන් සහ  වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මේ ප්‍රවේශය දැඩිව විවේචනය කළේය. මේ අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා නැගිට කියා සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්න කතා කරන්නට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පමණක් හමුවී ඇති නිසා තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට උතුරු නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව දෙන ලෙසය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරයා ඊට එකඟ වූයේය.

මේ අවස්ථාවේ දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මේ වාර්ගික ප්‍රවේශය අතිශයින්ම වැරදි සහගත බවය.

ඔහු විමසා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න නැති ද යන්නය.  මේ වාර්ගික ප්‍රවේශය නැති ප්‍රශ්න ඇති කරන බව කී මන්ත්‍රීවරයා වාර්ගික කණ්ඩායම් ලෙස බෙදා හමු නොවී උතුරු නැගෙනහිර සියලුම දේශපාලන පක්ෂ  මන්ත්‍රීවරුන්   හමුවී සාකච්ඡා කරන ලෙසය.

“ උතුර නැගෙනහිර සිංහල මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ. තිස්ස විහාරයේ කඨින පින්කම තියාගන්න අපට බැරි වුනා. ඒ පළාත් දෙකේ සුළුතරය වූ සිංහල ජනතාවට තියන ගැටලුත් කතා කරන්න. හැමෝම එක්ක කතා කරන්න. ද්‍රවිඩ මන්ත්‍රීවරු එක්ක කතා කරමු. මුස්ලිම් මන්ත්‍රීවරු එක්ක කතා කරමු. ඒ එක්කම සිංහලයන්ගේ ප්‍රශ්න ගැනත් කතා කරමු. “

13 සම්බන්ධව ආණ්ඩුවේ මතය කුමක්දැයි විපක්ෂය පක්ෂ කරද්දී ආණඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග නැගී සිටියේය. ඔහු කීවේ පොදු ජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ බවය. මහින්ද රාජපක්ෂ යනු ඒකීය රාජ්‍යයක් තුළ  13+ ගැන කතා කළ නායකයෙක් බව ඔහු කීවේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ පොදුජන පෙරමුණ මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්‍රගතිශීලී මතයක සිටින බව ප්‍රසන්න රණතුංග පැවසුවේය. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේ දැන්  ගෙවී යන්නේ  වාද විවාද කරමින් ගත කළ යුතු කාලයක් නොවන බවය.

අවසානයේ ජනාධිපතිවරයා නැගී සිටියේය.

“ මා එකක් යොජනා කරනවා. මේ ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න පොදුජන පෙරමුණේ  ලයිස්තුවෙන් ආපු  ඒ පැත්තෙ මේ පැත්තේ ඉන්න සියලු  දෙනාම  මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් මුණගැහිලා තීරණයක් අරගන්න.

මම නෙවෙයි නෙ කිව්වේ.  විපක්ෂයෙන් කිව්වේ මොකක් ද?. මහින්ද රාජපක්ෂ කියන එක කරන්නේ කියලා. දැන් ඔයගොල්ල ඔක්කොම එයාව හම්බවෙලා රැස්වීමක් තියලා කරන්න. මට වැඩක් නෑ ඒක.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යකඩ හොරකමට චාමර සම්පත් රාජ්‍ය ඇමති සම්බන්ධයි… සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති CID යයි!

Next Post

අසාත්මිකතා සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව පිළි ගන්න බෑ…GMOA කියයි!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.