බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්ගිරි අනු නා හිමිගෙන් පසු තවත් අනු නා හිමිනමකගෙන් ජනපතිට යෝජනාවක්… චෝදනානැති රටට පිළිගත හැකි සුදුස්සෙකු පොලිස්පති ධුරයට පත්කරන්න!

by editor
ජූලි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චෝදනාවලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයැයි ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ කියති.

ර⁣ටේ නීතිය හා සාමය සුරකින පොලීසිය මේවනවිට  අරාජික තත්වයක් පෙන්නුම් කරන අතර එය නරක පුර්වාදර්ශයක් බවද අනුනාහිමියෝ පෙන්වා දෙති.

මේ සංවාදය ඇතිවන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැර මහා අපරාධයක් කිරීමේ චෝදනාව පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන්ම එල්ල කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් වූ නිලන්ත ජයවර්ධන හා දේශබන්දු තෙන්නකෝන්ගෙන් අයෙකු  පොලිස්පති ධූරය   සඳහා නම් කරන්නේ නම් කොළඹ අගරදගුරු වශයෙන් තමා බලවත් කණස්සල්ලට පත්වන බවට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්  ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැන්වීමෙත් සමගය.

නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු…

අනතුරුව අස්ගිරි පාශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රටේ ජනාධිපතිවරයාට  ආරක්ෂාව සම්බන්ධ වැදගත් කාරණාවක්වන පොලිස්පතිවරයා පත් කිරීමට ඉඩ හැරීමට නිදහස ලබා දී ආගමික නායකයන් ඊට බලපෑම් නොකර පසෙකට වී සිටිය යුතු බවය.  උන්වහන්සේ ප්‍රකාශ කළේ කාදිනල්තුමා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නම් කර ඔවුන් පොලිස්පති ධූරයට පත් නොකිරීම සඳහා    ජනාධිපතිවරයාට බලපෑම් කිරීම වැරදි සහගත ප්‍රවේශයක් බවය.

එහෙත් එම නිවේදනයෙන් පසු ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ දූෂිතයෙක් නොවන, දූෂණ චෝදනා නැති රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියෙක් පොලිස්පති කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

උන්වහන්සේ පවසන්නේ පසුගිය කාලය පුරා පොලිසියට විවිධ චෝදනා එල්ලවු බවත් පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බවත්ය.

මේ නිසා මොන බලපෑම් ආවත් පොලිස්පති ධුරයට ⁣චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතු බව අනු නා හිමියෝ අවධාරණය කරති.

“මෙම උසස් තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතුයි. එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වු අවස්ථාද ති⁣බෙනවා. මේ නිසා කාටත් පිළිගත හැකි නිලධාරියකු වහාම පත්කළ යුතුයි. එසේ නොමැතිව තවදුරටත් මේ තනතුර හිස්ව තැබිම නරක පූර්වාදර්ශයක් වේවි. “යැයිද කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ වැඩිදුරටත් කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මාගේ නිසල සිරුර නිවසේ තිබෙද්දී අම්මාගේ අවසන් ප්‍රාර්ථානව ඉටු කරන්න පිටියට බැස්ස ඉසිපතනයේ රත්තරන් පුතා!

Next Post

අත්හළ ඇත් රජු රටින් පිටවුන හැටි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.