කීර්ති ප්‍රනාන්දු –
රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙස තායිලන්තයේ රජතුමා විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” ඇත් රජු යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා අද (02) අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය .
ඇත් රජු රැගත් රථය මෙතෙක් ඔහු රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් පිටත් වී ඇත්තේ අලුයම 12.00 ට පමණය. එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහුව රැගෙන ඒමට පියවර ගෙන තිබුණි .
අලුයම 04.30 පමණ වනවිට ඇතා සහිත විශේෂ කූඩුව , ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ .
ගුවන් යානය අද උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , ” ෂියන්මායි ” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය .