දිනසේන රතුගමගේ –
යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ එකම නිවසක තිබී මියගිය වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු වඩුක්කෝඩෙයි පොලීසිය විසින් ඊයේ ( 28 ) සොයා ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 76 සහ 78 යන වයස් වල කාන්තාවන් දෙදෙනෙකු වන අතර ඔවුන් එසේ මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මළ සිරුරු යාපනය ශීක්ෂණ රෝහල එත රැගෙන යාමෙන් පසුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ එක් කාන්තාවක් මීට දින අටකට පමණ ඉහතදීත් අනෙක් කාන්තාව දින දෙකකට පමණ ඉහතදීත් මියගොස් ඇති බවයි.
මේ කාන්තාවන් දෙදෙනාම මහජන ආධාර ලබා ගැනීම සදහා නොපැමිණි නිසා ග්‍රාම නිලධාරීවරයා ඒ ගැන සෙවීමට අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනාම නිවස තුළ මියගොස් සිටින ආකාරය දැක ඒ බව පොලිසියට පැමිණිලි කොට තිබේ.
යාපනය වඩුකෝඩෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.