අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසැබි පිංතූර සමාජ මාධ්‍යවලට දාන අය අතටම අල්ලන උපකරණයක් පොලිසියේ – අද සිට මෙහෙයුම් පටන් ගනී

by Lanka Sara Editor
ජූලි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අසභ්‍ය දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍යට ඇතුළු කරන මොහොතේම එම එම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සමග ඒවා අන්තර් ඇතුළු කළ පරිගණක හෝ ජංගම දුරකථන පිළිබඳ සියලුම තොරතුරු ලබාදෙන මෘදුකාංගයක් මේ වනවිට පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය සතුව ඇති බව පොලිසිය පවසයි.

ළමා හා කාන්තා කාර්යංශය භාර පොලිස් ප්‍රධානියා ලෙස අජිත් රෝහණ මහතා පත්වීමෙන් අනතුරුව දින කිහිපයකට පෙර ආමර්වීදියේ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේදී එම මෘදුකාංගය පිළිබදව තොරතුරු දැන ගෙන තිබේනියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ පසුගිය මාසකට ආසන්න කාලයක් තුළ එවැනි අසභ්‍ය ඡායාරූප සමාජමාද්‍යවල පළ කළ අවස්ථා 18000 ක් පමණ එම මෘදුකංගය මඟින් හඳුනාගෙන ඇති බවය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිසි උපදෙසක් එම කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී නොතිබුණු බැවින් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමක් සිදුවී නැත. එබැවින් අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ අද සිට එම දත්තයන් පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද ඒ පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට මෙහෙයුම් දියත් කරන බවය.

අදාළ මෘදුකාංගය මගින් අදාල ඡායාරූපය හෝ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ පරිගණකයකින්ද නැතිනම් ජංගම දුරකතනයකින්ද කුමන ප්‍රදේශයක සිටද ආදී තොරතුරු මෙන්ම අදාල අන්තර් ජාල සම්බන්ධය ලබා ගත් උපකරණවල විස්තර පවා එම මෘදුකාංගය මගින් හදුනාගෙන තොරතුරු ලබාදෙන බවද ඔහු පැවසීය. ඒ අනුව ඉතා පහසුවෙන්ම එම ඡායාරූප හා වීඩියෝ ඇතුළු කළ පුද්ගලයා හදුනා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඉදිරියේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එවන් වීඩියෝ සහ ඡායාරූප ඇතුලත් කරන අවස්ථාවේදීම ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවෙලක්ද දියත් කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය. ඒ සදහා මේ වන විට මෙම පද්ධතිය නිරීකණයට වෙනම කණ්ඩායමක් නම්කර ඇති බවත් මෙහෙයුම් අංශයක් ලෙස එම අංශය ක්‍රියාත්මක කරන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ තොරතුරු සදහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇසළ පෙරහර මහජන සහභාගීත්වයෙන් පවත්වන්න….ජනපති උපදෙස් දෙයි…

Next Post

කෙහෙළියගේ සහ මහින්දානන්දගේ යෝජනාවට විදුර එරෙහි වෙයි….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.