අනූ තුන් හැවරිදි සිව් දරු මවක් පෙනී ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටි පුවතක් මහනුවරින් වාරතා වේ. මේ දිරිය අම්මා විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න ය.
විද්‍යයෝදය විශ්ව විද්‍යාල විභාග අංශයට අනුබද්ධ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට ඇය පෙනී සිට ඇත්තේ ඊයේ (06) සහ (07) අද දිනවල දීය.
විභාගය මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේදී පැවැත්විණි.
වර්ෂ 1928 දී මෙළොව එළිය දැක තිබෙන මෙම මව මේවන විට මී මුණුපුරන්ද දැකීමට තරම් වාසනාව ලබා තිබේ.
ලබාගත් ජීවිතය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීම තම අරමුණ බවත් විශේෂයෙන් කාන්තාවන් පසුබට නොවී ඉදිරියට පැමිණ ශක්තිමත්ව ජීවිතයට මුහුණ දිය යුතු බවත් විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව පවසයි.
මෙම විභාගය සමත් වීමෙන් පසු තමන්ට කැලණිය විශ්ව විද්‍යාලේ ශාස්ත්‍රපති විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබෙන බවත් මිය යන්නට පෙර එම විභාගයද සමත්වීම තම අරමුණ බවත් ඇය කීවාය.
තම ජීවිත කාලය තුළ මෙතරම් වයෝවෘද්ධ කාන්තාවක් විභාගයටකට පෙනී සිට නොමැති බවත් ඉහළ මහළට නැගීමට නොහැකි නිසා මෙම මාතාවට පිළිතුරු ලිවීම සඳහා පහත මාලයේ තැනක් සූදානම් කර තිබූ බවත් විභාග ශාලා භාරකරු ලෙස කටයුතු කළ ලසිත් මාවිල්මඩ මහතා කීය.