සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 200ක් පරණ නමුත් තවමත් භාවිතා කළ හැකි තත්ත්වයේ ඇති කොන්ඩමයක කතාව….

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

  • ප්‍රදර්ශනයට තබා ඇත්තේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වල රකිස් කෞතුකාගාරයේ… කොන්ඩමය ප්‍රංශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයකින් ලැබුණු “සුඛෝපභෝගී සිහිවටනයක්” යැයි විශ්වාස කරනවා…

  • ප්‍රදර්ශනයට තැබුව දා සිට කෞතුකාගාරය ජනතාවගෙන් පිරී ගිහින්…

වසර 200ක් පමණ පැරණි ‘භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් ඇති’ කොන්ඩමයක් – ඇම්ස්ටර්ඩෑම් හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

එය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින් සාදා ඇතැයි සැලකෙන අතර එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු සිටින අයුරු දැක්වෙන පැහැදිලි මුද්‍රණයක් ද ඇත.

මෙම දුර්ලභ කෞතුක වස්තුව 1830 දී පමණ නිර්මාණය කර අතර එය පසුගිය වසරේ වෙන්දේසියකදී කෞතුකාගාරය විසින් මිලදී ගන්නා ලදී. මෙම කොන්ඩමය 19 වන සියවසේ ගණිකා වෘත්තිය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයකට තබා ඇත. මුද්‍රණ, චිත්‍ර සහ ඡායාරූප ද ප්‍රදර්ශනයට තබා ඇත.

රික්ස් කෞතුකාගාරයේ භාරකාරිනී ජොයිස් සෙලන් බීබීසීයට පැවසුවේ ඇය සහ ඇගේ සගයා වෙන්දේසියේදී කොන්ඩමය මුලින්ම දුටු විට තමන් “සිනාසුණු” බවයි.

“වෙන කවුරුත් ඒක දැක්කෙ නෑ” යනුවෙන් සෙලන් පැවසූ අතර ඒ සඳහා ලංසු තබා තිබුණේ ද ඔවුන් පමණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

කොන්ඩමය ලබා ගැනීමෙන් පසු, ඔවුහූ එය UV ආලෝකයෙන් පරීක්ෂා කර එය භාවිතා කර නොමැති බව තහවුරු කර ගත්හ.

“එක හොඳ තත්ත්වයේ තියෙනවා,” සෙලන් පැවසුවාය.

එය ප්‍රදර්ශනයට තැබූ දා සිට කෞතුකාගාරය තරුණ හා මහලු සියලු දෙනාගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර “ප්‍රතිචාරය විශ්මයජනකයි” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

මෙම කොන්ඩමය ප්‍රංශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයකින් ලැබුණු “සුඛෝපභෝගී සිහිවටනයක්” යැයි විශ්වාස කරන බවත්, අද දක්වා ඉතිරිව ඇත්තේ එවැනි වස්තූන් දෙකක් පමණක් බවත් සෙලන් පැහැදිලි කළාය.

“අනවශ්‍ය ගැබ්ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග – විශේෂයෙන් සිෆිලිස් – පිළිබඳ බියෙන් පිරී තිබූ යුගයක, මෙම අසාමාන්‍ය අයිතමය ලිංගික සෞඛ්‍යයේ සැහැල්ලු සහ අඳුරු පැති දෙකම මූර්තිමත් කරනවා” යනුවෙන් කෞතුකාගාරය පැවසීය.

මෙම නිශ්චිත වස්තුවේ පැහැදිලි මුද්‍රණයෙන් දැක්වෙන්නේ පිරිමි තිදෙනා ඉදිරිපිට වාඩි වී සිටින කන්‍යා සොහොයුරිය ඇගේ ඇඳුම ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි.

කොන්ඩමයේ “Voilà mon choix” නමින් වචන පෙළක් ද ඇති අතර, එහි තේරුම වන්නේ “මේ මගේ තේරීම” යන්නයි.

කෞතුකාගාරය සඳහන් කළේ, මෙම මුද්‍රණය “බ්‍රහ්ම චර්යාව සහ ග්‍රීක මිථ්‍යා කථාවල ඇති පැරිස් විනිශ්චය යන දෙකෙහි ම හාස්‍යමය නිරූපණයක්” ලෙස සැලකිය යුතු බව ය.

පැරිස් විනිශ්චය යනු, හේරා සහ ඇතීනා අතරින් ලස්සන ම දේවතාවිය කවුදැයි තීරණය කිරීමට සිදුවූ පැරිස් නම් ට්‍රෝජන් කුමාරයෙකුගේ මිථ්‍යා කතාව යි.

මෙම නෙදර්ලන්ත කෞතුකාගාරය සඳහන් කරන්නේ තම මුද්‍රණ කාමරයේ ඇති විවිධ මුද්‍රණ එකතුවේ, චිත්‍ර සහ ඡායාරූප 750,000 ක් පමණ ඇති නමුත් කොන්ඩමයක මුද්‍රණයක් සහිත පළමු වැන්න මෙය බවයි.

“යම් තාක් දුරට අපිට කියන්න පුළුවන් මුද්‍රිත කොන්ඩම් එකක් තියෙන එකම කලා කෞතුකාගාරය අපි කියලා,” සෙලන් පැවසුවාය.

තම ආයතනය මෙම කෞතුක වස්තුව අනෙකුත් කෞතුකාගාරවලට “තාවකාලික ප්‍රදර්ශනය සඳහා ලබා දීමට” කැමති බව ඇය පැවසූ නමුත්, කොන්ඩමය ඉතා සියුම් බවත් සඳහන් කළාය.

මෙය නොවැම්බර් අවසානය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ සීනි සමාගම් දෙකේ සීනි මෙට්‍රික් ටොන් 23696 ක්, එතනෝල් ලීටර 23,50,000ක් විකුණාගත නොහැකිව ගබඩාවල…

Next Post

ජනාධිපති අනුර පට්ට පදුරු අපරාධකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරලා… අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.