වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල්ම තරගය ජපානය සමග අද (17) පැවත්වීමට නියමිතය. තරගය නැබීමිබාවේ වින්ඩ්හෝක් හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1 ට ආරම්භ වේ.
සිම්බාබ්වේ හා නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගී වේ. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව තරග වදින්නේ ‘A’ කාණ්ඩයෙනි.
ඊයේ (16) ආරම්භවූ මෙම තරගාවලියේ තරග 4ක් පැවති අතර, එහිදී ඇෆ්ගනිස්තානය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය පත්වූයේය. පැවති තරගවලදී ආසියානු ශූරයින්වන පකිස්ථානය එංගලන්තය හමුවේ පරාජයට පත් විය. , ඔස්ට්‍රේලියාව විසින් අයර්ලන්තයද, බ.ඉ. කොදෙව්වන් විසින් ටැන්සානියාවද පරාජය කිරීමට සමත් විය.







