බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 15ක් තිස්සේ හමුදා භාරයේ තිබූ රන් භාණ්ඩ දස දහසක් සම්බන්ධව අද ලැබුණු අධිකරණ නියෝග!

by editor
මැයි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් යුද්ධය පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, ඔවුන්ගේ නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවල තිබී සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ භාර ගෙන ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 05 වැනිදා) නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී විසින් මෙම නියෝග නිකුත් කළාය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය ක්‍රියාත්මක වූ සමයේ කොටි සංවිධානයේ බැංකු, කඳවුරු සහ ගොඩනැගිලි ආදියෙන් සොයාගත් රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන බවත්, ඒවා භාර ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නියෝග කිහිපයක් ලබා ගැනීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවත් සඳහන් කළා‍ය.

හමුදාව සතුව තිබූ රන් භාණ්ඩ ප්‍රමාණය කොපමණ ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ පැවසුවේ මේ ආකාරයෙන් සොයා ගත් රන් භාණ්ඩ යැයි සැලකෙන ආභරණ 10,000ක් පමණ තිබෙන බව සහ ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බව යි.

ඒ අනුව, එක් දිනකට පරීක්ෂා කළ හැක්කේ භාණ්ඩ තුන්සියයක් පමණක් බවත් ඒවා කොටස් වශයෙන් පරීක්ෂාව සඳහා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා ය.

 ආයතන රැසකට නිකුත් කළ අධිකරණ නියෝග

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඒ අනුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉල්ලා සිටි නියෝග කිහිපයක් ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළා ය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ ඉල්ලීමක් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේප්පුවල පවතින රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍යවල රන් බර, සංයුතිය පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික ස්වර්ණාභරණ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පවසා සිටි අතර එම ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන්නාය.

එමෙන්ම අදාළ රන් භාණ්ඩ කිරුම් මිනුම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් එම කටයුතු සඳහා සහාය වන ලෙස ලංකා බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා‍ය. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය මීට අදාළ නියෝගය ලංකා බැංකුව වෙත නිකුත් කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ තවත් ඉල්ලීමකට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරිය මෙම කටයුතු ඉටු කිරීම සඳහා ලංකා බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු නම් කරන ලෙසත් නියෝග කළාය.

තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ අදාල රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍ය මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ පර්යේෂණ හා ලේඛනාගාරයේ රඳවා තිබෙන බැවින් එම ස්ථාන ඡායාරූප ගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරිය අදාල ස්ථානය ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරීන්ට අවසර දෙන ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේඛන හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට තවත් නියෝගයක් නිකුත් කළාය.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවා තැබීමට අවශ්‍ය නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළාය.

භාරගන්නා භාණ්ඩ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවට මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ රන් භාණ්ඩ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ නිලධාරියකු පත් කරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිවරයාට ද ඇය නියෝගයක් නිකුත් කළාය.

ඊට අමතරව මෙම කටයුතුවලට සහාය වීමට අවශ්‍යය නියෝග කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය ඇතුළු ආයතන වලට මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර තිබේ.

හමුදාව භාරයේ තිබු රන් භාණ්ඩ පොලිසියට ලැබුණේ කොහොම ද?

මේ අතර ඉකුත් සිකුරාදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මෙම රන් භාණ්ඩ භාර දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ යුද හමුදාව සතුව රන් ආභරණ ඇති බවට ජනාධිපතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවයි.

”ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දීමක් කරනවා යුද හමුදා භාරයේ රත්තරන් තොගයක් ඇති බවට. ඒ අනුව එම තොරතුරු ගරු ජනාධිපතිතුමා වෙත ලැබිලා ආරක්ෂක ලේකම්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ ගැන දැනුම් දීමක් කරනවා.”

”ඒ අනුව මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් කළ දැනුම් දීමක් අනුව වැඩබලන පොලිස්පතිවරයා හැටියට අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ විමර්ශන කටයුතු සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා.”

”මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ දී සාකච්ජාවක් පැවැත්වුණා. ඒ සාකච්ජාවට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය සහ පොලිසිය එක්වුණා. රත්තරන් යැයි සැලකෙන දේපල නිසි පරික්ෂාවට ලක් කරලා ඒවායේ තිබෙන රත්තරන් ප්‍රමාණය ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.’ වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

2014 වසරේ ඔක්තෝම්බර් මස 12 වැනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිලිනොච්චියේ දී සංකේතාත්මකව රන් භාණ්ඩ භාර දුන් අයුරු…

වසර 15ක් රත්තරන් හමුදා භාරයේ තබා ගත් හේතුව

මේ අතර බීබීසී සිංහල සේවය සිදු කළ විමසීමකදී යුද හමුදාව ප්‍රකාශ කළේ යුද සමයේදී එල්ටිටිඊ සංවිධානයේ කඳවුරු වල තිබී හමුදා භාරයට ගනු ලැබූ රන් ආභරණ බවට සැලකෙන ඒවා ඉදිරි කටයුතු සඳහා පොලිසියට භාර දුන් බවයි.

”යුද සමයේදී එල්ටිටිඊ සංවිධානයේ කඳවුරුවල තිබී හමුදාව භාරයට ගත්ත රන් ආභරණ බව කියන මේ භාණ්ඩ පොලිසියට භාර කළා. මේ භාර දුන් භාණ්ඩ වල බර ප්‍රමාණය යුද හමුදාවට නිවැරදිව කියන්න විදිහක් නැහැ. මොකද ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් ඒවා කිරලා නිවැරදි බර ප්‍රමාණය දැනුම් දෙයි.” යුද හමුදාව ප්‍රකාශ කරන ලදී.

මේ අතර වසර 15ක කාලයක් මෙම රන් භාණ්ඩ යුද හමුදාව භාරයේ තබාගෙන සිටියේ ඇයිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් යුද හමුදාව පැවසුවේ එල්ටිටිඊ කඳවුරු වලින් හමුවූ එම භාණ්ඩ සම්බන්ධයෙන් යුද හමුදාව විමර්ශන සිදුකළ බව සහ එම විමර්ශන අවසන් වීම නිසා එම භාණ්ඩ භාර දීමට පියවර ගනු ලැබූ බවයි.

හිමිකරුවරුවන්ට නැවත භාර දුන් රත්තරන්

මේ අතර එල්ටිටිඊ සංවිධානයට අයත් හමුදා කඳවුරුවල තිබී යුද හමුදාව විසින් භාරයට ගනු ලැබූ රත්තරන් ආභරණ මීට වසර 11 කට පෙර නිත්‍යානුකුල හිමිකරුවන්ට භාර දුන් බවට ද වාර්තා පළවිය.

ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය උපුටා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවිය පළකර තිබු ලිපියක සඳහන්ව තිබුණේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 12 වැනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිලිනොච්චියේ පැවති සංකේතාත්මක රන් ආභරණ නැවත භාරදීමේ උත්සවයකදී පුද්ගලයින් 25 දෙනෙකුට එලෙස රන් භාණ්ඩ නැවත භාර දුන් බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති වියට්නාම ජනපති හමුවෙයි!

Next Post

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක්… දෙරට අතර රේගු ගිවිසුමක්!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.