හැටන් රංජිත් රාජපක්ෂ –
ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය.
වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමීම ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක් ගෙට්ටුවකින් අගල් 2 ½ බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
එම ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි විමලසුරෙන්ද්‍ර ජලාශයද (22) දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමීම ඇරඹී තිබේ., ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වි ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් විදුලි බලාගාර ඉංජිනේරුවරු කීහ.







