සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දක් කන්න දෙන්න වී තියාගෙන මහ මෝල්ලු ජාතියට කරන විනාසය කුඩා මෝල් හිමියෝ හෙළි කරති…

මේ හාල් හිඟය ජවාරමුන්ගෙ බොරුවක්... ඇමති තුමා... කල්පනාවෙන් ප්‍රකාශ නිකුත් කරන්න....

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න   –

  • ප්‍රශ්නය ඇති වුනේ ඇමති කළ ප්‍රකාශයත් එක්ක… යල කන්නයෙ අස්වැන්න අඩු නිසා හාල් කීයට යයිද දන්නෙ නෑ කිව්වා… මිනිස්සු කලබල වෙලා හාල් සහ වී ගොඩගහන්න ගත්තා…

  • ඇමතිවරයාට නිලධාරීන් දුන්න දත්ත වැරයිදියි.. ඊට වඩා අස්වැන්නක් ලැබෙන්න තියනවා… මේ ඇති වෙලා තිබෙන්නෙ කෘත්‍රිම හිඟයක්…

  • මහා පරිමාන හාල් මෝල හිමියන් රුපියල් 50 – 60 මිලට ගත්ත වී තොග මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් සඟවා තිබෙනවා. අධික ලාභයක් අපේක්ෂාවෙන් ඔවුන් මේ වී තොග සඟවලා…

පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා පරිමාණ හාල් මෝල් ව්‍යාපාරිකයින් ඉකුත් කන්න වලදී මිලට ගත්  වී තොග සඟවා කෘතිම සහල් හිඟයක් මවා ඇති බවත්,  ඉදිරියේ දී සඟවා ගත් වී තොග සහල් බවට පත්කර සහල්  කිලෝවක්  රුපියල් 300 ට වඩා ඉහළ  මිලකට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය .

පොළොන්නරුවේ මෙම හාල් මෝල් ව්‍යාපාරිකයින්ගේ ලොරි   විශාල ප්‍රමාණයක් ඉන්ධන පිරවුම්හල්වලට ගොස් ඉන්ධන ලබා ගැනීමෙන් පොලොන්නරුවේ ඉන්ධන හිඟයක් නිර්මාණය  කර ඇති බව ද මුදිත පෙරේරා   කීවේය.

පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ අද (12)   සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මුදිත් පෙරේරා   ඒ බව පැවසීය,

Mudith-Perera
මුදිත්  පෙරේරා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා   මෙසේද කීවේය.

“ පසුගිය සති දෙක ඇතුළත මෙරට සහල් වෙළඳපොළට යෑම අඩුවක් වුණේ ඉන්ධන අර්බුදය නිසා. මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයින්ගේ ලොරිවලට ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබි නොමැති නිසා ලංකාව පුරා සහල් ප්‍රවාහනය කිරීම තරමක් අඩුවක් තිබුණා.“

“ඊළඟට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කීව කතාව… තමයි යලේ අස්වැන්න අඩු වේවි,  ඒ හින්දා හාල් මිල කීයකට යයිද කියලා කියන්න බෑ කියල කියලා ඇමතිවරයා කිව්වා.  ඇමැතිවරයා  ඒ ප්‍රකාශය කරන්න ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ලබාදුන් දත්ත තොරතුරු අනුව.  නමුත් අපි වගකීමෙන් කියනවා ඒ කෘෂිකර්ම නිලධාරීන් ඇමතිවරයාට දුන්න දත්ත තොරතුරු සීයට සීයක් වැරදියි. ඔවුන් යල කන්නයේ වී අස්වැන්න ලෙස රජයට දැනුම් දීලා තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් කියලා. ඒ දත්ත සම්පූර්ණව වැරදියි. ඊට වඩා ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. “

“ ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා  ඇතම් කූට ජාවාරම්කරුවන් ප්‍රචාරය කළා ලංකාවේ තව සති දෙකකට පමණයි හාල් තිබෙන්නේ කියලා. ඒ ප්‍රචාරයක් සමග පාරිභෝගිකයෝ කලබල වුණා. වෙනදට සහල් කිලෝ පහක් අරං යන පාරිභෝගිකයා සහල් කිලෝ 10, 20, අරන් යන්න පටන් ගත්තා. ඇතම් සහල් පාරිභෝගිකයෝ වී හිඟයක් මතු වෙයි කියලා රුපියල් 150ට විතර වී කිලෝ එක     අරන් යන්න පටන් ගත්තා.  මේ තත්ත්වය නිසා රුපියල් එකසිය විස්සට තිබුණු වී කිලෝව රුපියල් එකසිය 150, ට 180  දක්වා මේ දින  දහය ඇතුළත ඉහළ ගියා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේක වැරදි තොරතුරු  ප්‍රචාරයක් නිසා සිද්ද වෙච්චි දෙයක්.     “  මුදිත පෙරේරා මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරෙව්වට හාල්  ප්‍රවාහනය කළේ නෑ…

“ පසුගිය දිනක 10 පුරා හිතාමතාම හාල් මෝල් ව්‍යාපාරිකයින්  වෙළඳපොළට සහල් දීම අඩු කළා. පොළොන්නරුවේ  මහා පරිමාණ හාල් මෝල් ව්‍යාපාරිකයන්ගේ ලොරි රථ  දිනපතා සීයක් පමණ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට තිබෙනවා. හැබැයි මේවට ඉන්ධන පුරවා ගත්තට ඒ පුරවා ගන්න තරමට හාල් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කෙළේ නෑ.  අපි ඒක වගකීමෙන් කියන්නේ. “

“එතකොට  පොලොන්නරුවේ මහා පරිමාණ හාල් මෝල් හිමිකකරුවන් පිරිසක් චේතනාන්විතව වෙළඳපොල තුළ සහල් හිඟයක් මවා පාමින් සිටිනවා. මේක මහා පරිමාණ හාල් මෝල් කරුවන් සිදුකරන්නේ පහු පහුගිය කන්න වල රුපියල් 50ට 60ට ගත්ත වී තොග සහල් සහල් බවට පත් කරලා වැඩි මිලට හාල් තොග වෙළඳඳපොළට නිකුත් කිරීමටයි. “

“ වැදගත්ම කරුණ තමයි මේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් සතුව  වී මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට වඩා තිබෙනවා. ඒ වී තොගයේ සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 50ක්. එච්චර වී ප්‍රමාණයකුත්  තියාගෙන ඔවුන් සැලසුම්  සහගතව වෙළඳපොල තුළ සහල් හිඟයක් මවා පාමින් සිටිනවා.“

අවුරුද්දක වී මහ මෝල්ලු අතේ…

“ඒ මෝල් හිමිකරුවන් සතුව පවතින  වී   තොග මාස 12ක් හාල් බවට පත්කරන්න ප්‍රමාණවත්. ආයෙ අලුතෙන් වී ගන්න අවශ්‍ය නෑ ඔවුන්ට, මේ සියලු දේවල් රජය දන්නවා.  කෘෂිකර්ම අමාත්‍යංශය දන්නවා, පාරිභෝගික සේවා අධිකාරියත් දන්නවා. සියලු දේවල් වෙළඳ අමාත්‍යංශයත් දන්නවා. හැබැයි කිසිදු පියවරක්  ගන්නේ නෑ.“

“එතකොට මේ විදිහට කුඩා කණ්ඩායමකට වෙළඳපොලේ නැති හිඟයක් මවා පාලා පාරිභෝගියන්ට භීතිකාවක් ඇති කරලා සහල් හිඟයක් මවාපානකම්  රජය බලාගෙන ඉන්නවා. එතකොට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති සාන්ත දිසානායක   තමයි ලෝකයේ වැඩිම ගැසට් ගානක් ගහලා තියෙන්නෙ.  ඉන්දියාවේ ආනයනය කරන හාල් වෙනුවෙන් උපරිම සිල්ලර මිල නියම කරලා නෑ, අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුවද මේ තීරණය කෙරේ කියලා. දේශීය සහල් වලට  පමණක් උපරිම සිල්ලර මිල නියම කරලා පලක් නෑ. එතකොට පුළුවන් මහා පරිමාණ හාල් මෝල් ව්‍යාපාරිකයන්ට හිතු හිතු මිලට සහල් අලෙවි කරන්න. ඒ නිසා මේ විහිලු ගැසට් ගහන එක වහාම නතර කරන්න, ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා  ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන්න කියලා.“

ඩඩ්ලි කතා කරද්දිත් නැගිටින උන් නෙමෙයි.. කොන්දක් ඇති බලධාරියෙක් පත් කරන්න –

රසායනික පෝර අර්බුදය නිසා මහ කන්නයේ වී  අස්වැනේ විශාල අර්බුදයක් වුණා. හැබැයි මේ කන්නේ හෙක්ටයාර ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. එතකොට ඒ යල කන්නේ අස්වැන්න අගෝස්තු මාසේ වෙනකොට වෙළඳපොළට පැමිණීමට නියමිතයි, ඒ  ප්‍රමාණයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක විතර ප්‍රමාණයක් ලැබෙනවා, ඒක මාස හතරකට අපට ප්‍රමාණවත්.

අපි රජයට කියනවා වී කිලෝවක් සඳහා යන නිෂ්පාදන මිල ගණනය කරලා ඊට සාපේක්ෂව සහල් කිලෝවක මිල තීරණය කරන්න කියලා. ඒ වගේම ආනයනික සහල්  වෙනු වෙන්  උපරිම සිල්ලර මිලක් නියම කරන්න කියලත් කියනවා. ඒ වගේම ඊළඟ මාස 8 වෙනුවෙන් සහල් සඳහා නිසි බලධාරියෙකු පත්කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. එහෙම නැති වුණොත් හාල්කිලෝ දෙකක්, තුනක්, ගන්න මිනිසුන් පෝලිමේ ඉන්න අපිට ඉතිරි සති කිහිපය පුරා දකින්න  පුළුවන් වේවි.

ඉන්ධන පෝලිම් වගේම හාල් පෝලිමක් ඉදිරියේදී ඇති වෙනවාමයි. ඒ කියන්නේ රජය අතලොස්සක් ගැන හිතලා  පාරිභෝගික  ජනතාව ගැන හිතන් නැති නිසයි ඒක වෙන්නේ.  නාඩු සම්බා වී ඇට අඳුනන හොඳ නිසි  බලධාරීයෙක් පත් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා, ඩඩ්ලි සිරිසේන වැනි හාල් මෝල් ව්‍යාපාරිකයින් කෝල් එකක් ගද්දි පුටුවෙන් නැගිටින්නෙ  නැති කොන්ද පණ ඇති නිලධාරීයෙක් පත් කරන්න කියලා අපි ඉල්ලලා සිටිනවා

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි…

Next Post

 ඓතිහාසික මුලතිව් කුරුන්දාවශෝක විහාර බිමේ විරෝධතාවයක්…  නව දාගැබේ නිධන් වස්තු තැන්පත් කිරීමට පිරිසක්  එරෙහිව වෙති!  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.