සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවම වශයෙන් සියයට 27කින් විදුලි ගාස්තු අඩු කළ යුතුයි…  සියයට 3කින් අඩුකිරීමේ ලංවිම යෝජනාව පිළිගත නොහැකි බව PUCSL කියයි…

by editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සියයට 27ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය නිවැරැදි වියදම් දත්ත වසන්කරමින් සියයට 3කින් පමණක් ගාස්තු අඩුකිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිඇති බවත්  සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩුකිරීම සදහා නිවැරැදි දත්ත ඉදිරිපත්කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇති බවත්  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

“මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 66කින් ගාස්තු වැඩි කලේ ව්‍යාජ දත්ත පෙන්වලා. ඒ අවස්ථාවේ ගාස්තු වැඩකළ යුතු ව තිබුණේ සියයට 35කින් පමණයි. අපි ඒ අවස්ථාවේ පෙන්වා දුන්නා ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති ගිගා වොට් 16,550ක විදුලි ඉල්ලුම වැරැදි බව.

අපේ ඇස්තමේන්තුව වුනේ මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,050කට පමණ සීමා වන බව. අප්‍රේල් මාසය වනවිට ලංවිම තේරුම් ගත්තා අපේ ඇස්තමේන්තුව නිවැරැදි බවත් ඔවුන්ගේ ඉල්ලුම අධිතක්සේරුවක් බවත්. ඒ අනුව ඔවුන් ලිඛිතව ම දන්වා එව්වා වසරේ ඉදිරි කාලය සඳහා ඇස්තමේන්තු කඵ ඉල්ලුම ගිගා වොට් පැය 15,264ක් බව”

තම ඇස්තමේන්තු අනුව විදුලි ගාස්තු සකසා ක්‍රියාත්මක කළානම් විදුලි පාරිභෝගිකයින් අද මුහුණ පා සිටින තත්වය උදා නොවන බව ද ජනක රත්නායක්  කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ විදුලි ඉල්ලුම අඩුවීමට සාපේක්ෂව විදුලිය සැපයීම සඳහා වැයවන වියදම ද අඩු විය යුතු ය. 2023 ජුලි සිට දෙසැම්බර් දක්වා කාලය සදහා ලංවිම මුලින් ඇස්තමේන්තු කලේ රුපියල් බිලියන 392 වියදමක්. නමුත් ලංවිම දැන් කියනවා ඉදිරි මාස 6 සඳහා වැය වන්නේ රුපියල් බිලියන 285ක් බව. ඒ අනුව විදුලිය සැපයීමේ සැබෑ වියදම රුපියල් බිලියන 107කින් පමණ අඩු වන බව අපේ ගණනය කිරීමයි. එහෙම නම් ඉදිරි කාලය සදහා විදුලි ගාස්තුව සමස්තයක් විදියට සියයට 27කින් වත් අඩු කළ යුතු ය. එහෙම නැතිව ව්‍යාජ දත්ත මත පදනම් වෙලා පාරිභෝගික කාණ්ඩ සීමිත සංඛ්‍යාවක් සඳහා පමණක් සියයට 3ක පමණ ගාස්තු අඩුකිරීමෙන් සියළු විදුලි පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ඒ වගේම විදුලිබල මණ්ඩලයට අපේක්ෂා කරන ආදායම් වැඩිවීම සිදුවන්නේත් නැහැ.”

“විදුලි ගාස්තු සංශෝධනයේදී යෝජනා ඉදිරිපත් කල යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව අනුමත කර ඇති ගාස්තු ක්‍රමවේදයට (සමීකරණයට) අනුකූලව යි. එම ක්‍රමවේදයට අනුව විදුලිය සැපයීම සදහා වැය වන සාධාරණ වියදම පමණක් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකියි. එහෙත් ලංවිම ලබාගන්නා ණය පවා විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට යෝජනා ඇතුළත් කර අනුමත ක්‍රමවේදයට පටහැනිව මෙවරද ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සහා දරනවා.”

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ වැසියෝ වෙල්ලමුල්ලිවයික්කාල් හීදී යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිපත් කරති!

Next Post

ග්‍රහ අපල දුරු කරන්න 13 හැවිරිදි දරුවෙකුගේ අත්ල මත කපුරු දවා බරපතල ලෙස පිලිස්සු භික්ෂුවක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.