නතාෂා නෙත්මිණි
මෙරට ප්‍රදේශ කීපයක පැතිර යන නව කොවිඩ්- 19 වෛරස ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) දිනයේ පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කරයි.
මෙතෙක් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම පිළිබඳව කිසදු තීරණයක් නොමැති බවත් නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයන් පෙන්නුම් කළහොත් අවදානම ඉහළ ප්‍රදේශ වසා දැමීම කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ද හෙතෙම පැවසීය.
දැනට මෙරට සොයාගෙන තිබෙන නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ ලක්ෂණ පවතින බැවින් රෝහල්වල දැඩිසත්කාර ඇඳන් පිරීයාමක් සිදුවිය හැකි බැවින් රෝග පාලනය සදහා ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවද ඔහු සදහන් කළේය.
මේ අතර කොචිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තාවීමත් සමග රට සම්පූර්ණයෙන් වසාදැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධව රජය මේ වනතෙක් කිසිදු තීරණයක්
ගෙන නොමැති බව කොචිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
එමෙන්ම, කොචිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ චිවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන අතර,
ඉදිරියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජය දන්වා සිටී.